දුම්රිය සේවය අධිකාරියක් කිරීමට කැබිනෙට්ටුවට යෝජනාවක්. ඇමති දැඩි තීරණයක් බලාපොරොත්තුවෙන්

Date:

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කිරීම සඳහා වන යෝජනාව පිලිබඳ සොයාබැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පිහිටුවා ඇති බව සඳහන්.

මෙම යෝජනාව පිළිබඳව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (24) මාධ්‍ය වෙත පැවසුවේ මෙසේය.

“මගීන් කොළඹට අරන් ඇවිත් එකපාරට දුම්රිය නතර කරනවා නම්, වැඩට යන්න ඉන්න දහස්ගණන් මිනිස්සු අතරමං කරනවා නම්, මේකට දැඩි තීන්දුවකට එන්න ඕනේ. මෙච්චර කල් මෙහෙම කරන් ආවා මෙහෙම කියලා. පහුගිය කාලයේ ඉතා සහයෝගයෙන් වැඩ කළා. කවදාවත් වර්ජනයක් කළේ නෑ, රියදුරුවරුන්ගේ යම් දේශපාලන උවමනාවක් තියෙන්න පුළුවන්. මම අද කැබිනට් මණ්ඩලයට කියන්න බලනවා. මගී ජනතාවගේ ඉල්ලීම තිබුණේ දුම්රිය පුද්ගලීකරණය කරන්න. ඒක කවදාවත් කරන්න බෑ. මම කිව්වා පුද්ගලීකරණය කරන්නේ නැතුව මේක අධිකාරියක් කරලා හදන්න පුළුවන් අපිට කාලයක් දෙන්න කියලා. එහෙම දීලා තියෙද්දිත් මේ විදියට මිනිස්සුන්ව පෙළනවා නම් මේ විදියට ලංකාණ්ඩුවේ දුම්රිය සේවය. ඉතාම දැඩි තීන්දුවක් මම කැබිනට් මණ්ඩලයට කියලා ගන්න බලාපොරොත්තු වෙනවා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...