මෙරට ඖෂධ වලින් 80%ක් ගේන්නේ ඉන්දියාවෙන් –  සෞඛ්‍ය අමාත්‍යාංශය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සභාපතිත්වයෙන් පැවති සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී , සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් විසින් සඳහන් කර ඇත්තේ , මෙරටට ආනයනය කරනු ලබන ඖෂධවලින් සියයට 80ක් ඉන්දියාවෙන් ආනයනය කරන බවයි .

සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් එහිදී පෙන්වා දී ඇත්තේ , වර්තමානයේදී ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වූ ඖෂධ මෙරට තුළ භාවිතා කරන බවයි.

මෙම සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ , පේරාදෙණිය රෝහලේ සිදුවීම සිදුවන අවස්ථාවේ එම වාට්ටුවේම සිටි රෝගීන් 12දෙනෙකුට අදාළ ඖෂධය ලබා දී ඇති අතර මෙම වසර තුළ 167,000ක් මෙම ඖෂධය භාවිත කර ඇති බවත් අදාළ ඖෂධය 2013 වසරේ ලියාපදිංචි කළ ඖෂධයක් බවත්ය.එනිසා  බාල ඖෂධ ලෙස අර්ථකථනයක් නොමැති බැවින් බාල ඖෂධ යන්න තමන් ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි .

මෙහිදී මහාචාර්ය සේනක බිබිලේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ ද යන්න සම්බන්ධයෙන් තිස්ස විතාරණ මන්ත්‍රීවරයා විමසා සිටි අතර එම ප්‍රතිපත්තිය තවමත් අනුගමනය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇති අතර ,මෙම ප්‍රතිපත්තිය මඟින් සම්පූර්ණ වසරකට අවශ්‍ය ඖෂධ, ඖෂධ නාමය සහිතව එක්වර ටෙන්ඩර් කොට ලබාගැනීම පිළිබඳව දක්වා ඇති බව ද මහාචාර්ය තිස්ස විතාරණ මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

දිස්ත්‍රික් මට්ටමින් රෝහල් ආශ්‍රිතව පවතින ගැටලු, නිලධාරීන් සම්බන්ධ පුරප්පාඩු, ඖෂධ සහ උපකරණ හිඟය පිළිබදව ද සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...