කුඩා පක්ෂවල කයිවාරු අවසන් – පොහොට්ටුවේ තනි රැලියට අති දැවැන්ත සෙනඟක් … (PHOTOS)

0
1298

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊයේ (09) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වූ පොදුජන රැලියට අති දැවැන්ත සෙනඟක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

රටේ පවතින විවිධාකාර ප්‍රශ්න හේතුවෙන් මෙම රැලියට විශාල සෙනඟක් සහභාගී නොවනු ඇති බවට විපක්ෂ ක්‍රියාකාරිකයින් මුලදී මත පළකර තිබුණු අතර ආණ්ඩුව තුළම සිටින කුඩා පක්ෂවල ක්‍රියාකාරිකයින්ගේ ද වුවමනාව වී තිබුණේ පොහොට්ටු රැලිය අසාර්ථක වනු දැකීම ය.

වත්මන් ආණ්ඩුව නිර්මාණය කළේ තමන් විසින් බවට පසුගිය කාලය පුරාම නිරන්තයෙන් පාරම් බෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂවල කිසිවෙකුත් මෙම රැලියට පැමිණ සිටියේ ද නැත.

එහෙත් තනි පක්ෂයක් වශයෙන් පොහොට්ටුව පැවැත්වූ පළමු රැලියම අති සාර්ථක එකක් බව බැලූ බැල්මටම පැහැදිලි වන අතර රටේ පවතින විවිධාකාර ප්‍රශ්න පොහොට්ටුවේ ජනප්‍රියත්වයට විශාල බලපෑමක් කර නොමැති බවත් පැහැදිලිවම මින් පෙන්නුම් කෙරේ.

වත්මන් දේශපාලන පොර පිටියෙහි සක්‍රියව සිටින කවුරුන් වුවත් බිමේ යතාර්ථය සම්බන්ධයෙන් කියවා ගතයුතු ප්‍රබල පණිවිඩයක් ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රැලියෙන් ප්‍රකාශයට පත්ව ඇති බව අවිවාදිත ය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here