එංගලන්ත ක්‍රිකට් ගිම්හානයට වසන්තය කැද වූ උඩ පන්දුව…?

Date:

ස්ලිප් ක්‍රීඩකයෙක් වෙත පැයට සැතපුම් සියයකට ආසන්නව පන්දු යවන පන්දු යවන්නෙක්ගේ පන්දුවක් ඇදී එන වේගය ගැන ක්‍රිකට් ගැන අවබෝධයක් ඇති ඕනෑම අයෙක්ට අමුතුවෙන් කිව යුතු නැත.පිත්තේ දාරයක වැදෙන පන්දුවක් එසේ ඇදී එන විට ප්‍රතික්‍රියා දැක්වීම පහසු නැත.කඩුලු රකින්නාට මෙන් අත් ආවරණ නැති එම දෑත් පන්දුව ඒ වේගයෙන්ම රැකගන්නා විට අතට දැනෙන සුව පහසුව ගැන ද සිතා ගන්නට අපහසු නැත.

අළු බඳුන තරගාවලියේ එංගලන්තය ලකුණු 283 ට දවා ගත් ඕස්ට්‍රේලියාවට අභියෝගයක් එල්ල කරන්නටනම් හොඳින් පන්දු යැවීම මෙන්ම පන්දු රැකීමෙන් කිසිඳු අඩු පාඩුවක් නොකිරීම ද වැදගත්ය.රූට් ඒ අවශ්‍යයතාව වෙනුවෙන් කෙතරම් කැපවීමකින් එම උඩ පන්දුව රැක ගත්තේ ද යන්න සිතා ගැනීමට මෙහි ඉහළ ඡායාරූඵයට වඩා අන්තර් ජාලයෙන් උපුටා ගත් චලන රූප පෙළ ඔබට වැදගත් වනු ඇත.

මීට පෙර තරගයේදි ස්ලිප් හී පන්දු රකින රූට් අතිනි උඩ පන්දු කිහිපයක්ම ගිලිහී ගියත් අද ඔහු එම වරද නිවැරදි කරගන්න කෙතරම් මහන්සියක් කැපවීමක් කර ඇද්දැයි යන්න සනාත කරමින් විදුලියක් මෙන් ක්‍රිියාත්මකව සිය වම් අත දෙසට යොමුවන උඩ පන්දුව ස්ලිප් හී සිට රැකගත් ආකාරය ඇත්තටම විශ්මිතය.කෙනෙකුට අනුව එය ගිම්හානයේ උඩ පන්දුව විය.නමුත් මේ උඩ පන්දුව තරගයට තීරනාත්මකය.එයින් දැවී ගියේ හොඳ ඉණිමක් ගොඩ නඟන්නට අඩිතාලම දමමින් සිටි ලකුණු අතර සිටින ඕස්ට්‍රේලියානු පිතිකරුවෙක් වූ මාර්නස් ලබස්චෙග්නෙ ය.එය සමහර විට ලකුණු 283 ආරක්ෂා කර ගැනීමට පමණක් නොව සමස්ත තරගය ජය ගෙන තරගාවලිය සම කරන්නට එංගලන්තයට ද මග පෙන්වුව හොත්,එය ගිමිහාන්යේ උඩ පන්දුව පමණක්ම නොවනු ඇත.එංගලන්ත ක්‍රිකට් ගිම්හානයට වසන්තය කැඳ වූ උඩ පන්දුව වනු ඇත.

උඩ පන්දුව මෙතනින් නරඹන්න.
https://www.youtube.com/shorts/-8ftLUUXISI

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණ සභාපති ධුරය : රොහාන්තට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ...

කෙහෙළිය, බිරිද සහ දියණිය අත්අඩංගුවට!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියව...

කොළොන්නාව සභාවේ මාලිමාවට සහය දැක්වූ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උප සභාපති පත්කිරීමේදී...

කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව...