කරාටේවලට ඇමතිගෙන් කික් එකක්

Date:

විගණන ගැටළු සම්බන්ධයෙන් මතු වී තිබූ කරුණු පදනම් කරගෙන ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත් හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගෙන ඇත.ජූලි මස 28 වන දින 2342/48 නම් වූ ගැසට් පත්‍රයෙන් එම ලියාපදිංචි සම්මේලනයේ කාර්යභාරය අත් හිටුවාලන ක්‍රීඩා අමාත්‍යවරයා එහි වැඩ කටයුතු කරගෙන යාම සඳහා සී.ඒ.ජී. ද සොයිසාගේ සභාපතිත්වයෙන් යුත් නව දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇත.


අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවට ආචාර්ය ජයලත් ඉලංගකෝන් ලේකම් ලෙස ඇතුළත් කර ඇති අතර සෙසු සාමාජිකයන් වන්නේ එස්.සී.මැදවත්ත,වෛද්‍ය ජයන්ති නානායක්කාර,මහිලනී මයුරන්,කේ.එම්.සී.කුමාර,ආර්.දේව කුමාර,ඒ.කේ.ශිරෝමා ෆොන්සේකා සහ ඒ.ආර්.එම්.ඉක්බාල් යන අයයි.
මෙහිදී ක්‍රිඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සම්මේලනය කැදවීමටත්,නිලවරණ කමිටුවක් පත් කර ඔහුගේ අධික්ෂණය යටතේ නිලවරණ කමිටුව හරහා පැවත්වීමටත් මෙම ගැසට් පත්‍රය හරහා බලය පවරා ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...

දිට්වා සුළි කුණාටුව මැදත් සචාරකයින් ඇවිත්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම මැදද විදෙස් සංචාරකයින් 25,000කට...

දේශිය බඳු ගෙවන්නන්ට බරක් නොදී කරන්න හදන LA28

නිශ්මං රණසිංහ දෙසැම්බර් 08, කොළඹ LNW: වෙළඳ නාමකරණය, සුවිශේෂී අලෙවිකරණ...