අංගොඩ රෝහලේ රෝගියාගේ මරණය ඝාතනයක්ද

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළව එම රෝහලේ තවත් සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මුල්ලේරියාව පොලීසිය මගින් ඊයේ (28) රාත්‍රියේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරන අතර ,සිද්ධියට අදාළව එම රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකවරුන් දෙදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරුවන් තිදෙනා අද (29) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මියගිය පුද්ගලයා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ 47 හැවිරිදි අයකු වන අතර, ඔහු හදිසියේම මියගොස් තිබිණු අතර මරණය සිදුවීමට හේතුව  ඔහුට රෝහල් සේවකයන් විසින් පහරදීමක් සිදුකර ඇති නිසා බවට අත්අඩංගුවට ගත් සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇත.

එසේම මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, ඒ සඳහා පත් කළ විශේෂ කමිටුව මේ වන විටත් අදාළ රෝහල වෙත ගොස් සිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සෞඛ්‍ය කාර්යය සහායකවරුන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව විසින්ද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

ඊට අදාළව කොමිසන් සභාවේ නිලධාරීන් පිරිසක් ඊයේ දිනයේ අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ගොස් රෝහල් අධ්‍යක්ෂවරිය ඇතුළු රෝහල් ප්‍රධානීන්ගෙන් මෙන්ම සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලින්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද සඳහන්.

තවද, මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්  මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙතද ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශන කටයුතු පිළිබඳව සොයාබලා ඇට්ගි බවද වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ නවතම තත්ත්වය! (Updates)

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අහමදාබාද් ගුවන්තොටුපළ අසල...

ලන්ඩනය දෙසට ගමන් ගත් එයාර් ඉන්දියා ගුවන් යානාවක් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරකට ලක් වෙයි!

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රහස්පතින්දා(අද) දහවල්...

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW : බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක...

කැබිනට් මණ්ඩලය ගැන නීතිය කියාදී රනිල් රුසියාවට යයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඊයේ (11) දිනයේදී අපරාධ...