පොලිස් අත් අඩංගුවේ පසුවෙන මාධ්‍යවේදී තරිඳු බලන්න ඩලස් යයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් ආවරණය කර ත්‍රීරෝද රථයකින් නිවස බලා යද්දී  අත් අඩංගුවට ගෙන රෝහල් ගතකර සිටින, ශ්‍රී ලංකා තරුණ මාධ්‍යවේදී සංවිධානයේ  ක්‍රියාකාරී නායකයකු වන තරිඳු උඩුවරගෙදර මහතා ගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම  මහතා  අද පෙරවරුවේ ජාතික රෝහලට ගොස් තිබිණි.

වෘත්තීය මාධ්‍යවේදියෙකු ලෙස නමසිය 90 දශකය ආරම්භයේ දී උද්ඝෝෂණ වාර්තා කිරීම සඳහා ගොස් මැරයන්ගේ සහ පොලිසියේ තාඩන පීඩනවලට ගොදුරු වූ තම ඉතිහාසය  තරුණ මාධ්‍යවේදී තරිඳුට සිහිපත් කළ මන්ත්‍රීවරයා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා කරනු ලබන සෑම කැප කිරීමක්ම නිදහස ජනතා සභාවේ මෙන්ම නිදහස සුරකින සමස්ත ප්‍රජාවේම ඇගයීමට පාත්‍ර වන  බව සහතික කළේය. එසේම, ඔහුගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් වෙනුවෙන් කොන්දේසි විරහිතව කැපවෙන බවද අවධාරණය කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොරොන්දු වූ අභිචෝදක සහ එම කාර්යාලය කෝ ? කාදිනල් හිමි ප්‍රශ්න කරයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ පරිදි...

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...