රනිල් – බැසිල් විශේෂ හමුවක්. ලන්සලා නිසා පොහොට්ටුවෙන් දැඩි බලපෑම් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතායි ඊයේ (30) කොළඹ බාන්ස් පෙදෙසේ පිහිටි ප්‍රකට ව්‍යාපාරිකයකුගේ නිවසේදී හමුවෙලා විශේෂ සාකච්ඡාවක් පවත්වලා කියලා ආරංචියි.

මේ හදිසි හමුවට හේතුවෙලා තියෙන්නේ නිමල් ලන්සා ඇතුළු පොහොට්ටුවෙන් ස්වාධීන වුණු මන්ත්‍රී කණ්ඩායම හදන අලුත් සන්ධානය ලු.

ලන්සලාගේ සන්ධානයට ජනාධිපතිවරයා කිසිදු සහායක් ලබා නොදිය යුතුයි කියලා පොහොට්ටුව ඇතුළෙන් දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින බව ඒ හමුවේදී බැසිල් ජනාධිපතිවරයාට දැනුම් දීලා කියලා තමයි ආරංචිමාර්ග කියන්නේ.

කොහොම වුණත් ලන්සලාගේ අලුත් සන්ධානය නිසා පොහොට්ටුව ඇතුළේ ලොකූ කැළඹීමක් ඇතිවෙලා කියලාත් ආරංචියි. ඒ වුණත් පොහොට්ටුව ඇතුළේ අයගෙන් සෑහෙන පිරිසකගේ සපෝට් එකත් මේ අලුත් සන්ධානයට ලැබෙමින් තියෙනවාත් ලු …

CW