නාමල් 2024 එනවාට මහින්දත් කැමැත්තෙන් ලු !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වෙනකොටත් කණ්ඩායම් තුනකට බෙදිලා වැඩකරන බව LNW ගොසිප් අපි මීට කලින් පුවතකින් කිව්වා. නාමල් රාජපක්ෂගේ කණ්ඩායමේ කැමැත්ත තියෙන්නේ ඊළඟ මහමැතිවරණයෙන් විපක්ෂයට යන්න කියලාත් අපි ඒකෙදි කිව්වා.

මීළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනවා නම් ඒක කරන්න ඕනෑ නාමල් රාජපක්ෂව අගමැති කරනවාය කියන කොන්දේසිය මතයි කියලා ලු නාමල් පිලේ කට්ටිය කියන්නේ. ඒකට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ නොවුණොත් පරදින්න හරි බලාගෙන නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඕනෙ කියලා නාමල් පිලේ කට්ටිය කියනවා ලු.

කවුරු දිනයිද කියලා හරියටම පැහැදිලි නැති ජනාධිපතිවරණයක් නිසා සමහරවිට නාමල්ට එතනදී දිනන්න චාන්ස් එකක් තියෙන්නත් බැරි නෑ කියලා ලු ඒගොල්ලෝ කතාවෙන්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් මේ අදහස ගැන කැමැත්තෙන් ලු ඉන්නේ. පහුගිය දවසක ඒ මහතාව හමුවෙන්න ගිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් කීපදෙනෙක් එක්කත් මේ ගැන කතාවෙලා තිබුණා කියලා ආරංචියි.

CW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...