මත්තල රාජපක්ෂ ගුවන් තොටුපලේ පාඩුව කෝටි 4281 ක් !

Date:

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් ආරම්භ කළ 2017 වසරේ සිට 2022 වසර දක්වා එහි සමස්ත පාඩුව රුපියල් කෝටි 4281 ක් බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

එම ගුවන් තොටුපලේ 2021 වසරේදී පාඩුව රුපියල් කෝටි 444ක් වී ඇති අතර එහි 2022 වසරේ පාඩුව එමෙන් පස් ගුණයකට ආසන්න වෙමින් රුපියල් කෝටි 2221ක් වී ඇති බවත් එම වාර්තාවෙහි සඳහන්.

මත්තල ගුවන් තොටුපලේ අපේක්ෂිත වාර්ෂික මගීන් සංඛ්‍යාව ලක්ෂ 10 ක් වුවත් පසුගිය වසරේදී මෙම ගුවන් තොටුපල හරහා ගමන් කළ මගීන් සංඛ්‍යාව 11,577ක් පමණි.

ගුවන් තොටුපල හා ගුවන් සේවා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් නිකුත් කළ නවතම විගණන වාර්තාවකින් මෙම තොරතුරු අනාවරණය වී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...