මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය මැඬලීමට විශේෂ පොලිස් කමිටුවක් පත්කෙරේ

Date:

මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඬපැවැත්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට වාර්තා කිරීම සඳහා ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝග පරිදි පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇත.

බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත්කර ඇති අතර සමස්ත කමිටුව පහත සඳහන් පරිදි වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – බස්නාහිර පළාත – ටී.එම්.ඩබ්. දේශබන්දු තෙන්නකෝන් මහතා (සභාපති)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – උතුරු පළාත – කේ.පී.එම් ගුණරත්න මහතා

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – දකුණු පළාත – එස්.සී මැදවත්ත මහතා.

අණදෙන නිළධාරී – විශේෂ කාර්ය බලකාය – ඩබ්.එස්.ඊ ජයසුන්දර මහතා.

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – එස්.පී රණසිංහ මහතා.

නියෝජ්‍ය පොලිස්පති – මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය – ඔෂාන් හේවාවිතාරණ මහතා.

නියෝජ්‍ය පොලිස්පති – විශේෂ කාර්යාංශය – ටී.සී.ඒ. ධනපාල මහතා.

අධ්‍යක්ෂක – කොළඹ අපරාධ කොට්ඨාසය – එන්. සිල්වා මහතා.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෑලියගොඩ වෙඩිතැබීමක්. තුවාලකරුවෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය ඉදිරියේදී – කථානායක

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර...

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...