*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

සුගතදාසයේ බාධා – පමා අභිබවා සචිනි යළිත් රිටේ උස වැඩි කරයි

මෑත කාලයේ පැවති සෑම තරගයකදීම පාහේ රිටි පැනීමේ ශ්‍රී ලංකාව අලුත් කරන සචිනි පෙරේරා ඊයේ (පෙබරවාරි 10) සුගතදාස පිටියේ ඇරඹි ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ තේරීම් තරගවලදී යළිත් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරමින් මීටර් 3.65 ක දක්ෂතාවයක් දැක් වූවාය.

රිටි පැනීමේ රදවනය ඔසවා තබන ආධාරකය කැඩී යාම නිසා ඇය ට මීටර් 3.61 ක් වූ පැවති වාර්තාවේ උස තරණය කිරීමෙන් පසු,තරග කිරිමට අවශ්‍යය ඇඟේ උණුසුම රඳවා ගනිමින් පැයක් පමණ ඊ ළඟ පිම්ම සඳහා ක්‍රීඩා පිටියේ රැඳී සිටින්ට සිඳු විය.එය ඉතා දුෂ්කර තත්ත්වයක් වන අතර අමතර විශාල ශක්තිය වැය කිරීමක් මෙන්ම තරග වැදීමට සුදුසු කායික සහ මානසික තත්ත්වයට බාධා ඇති කරන්නකි.එහෙත් සචිනි ඒ අභියෝගයට හොඳින් මුහුණ දෙමින් මීටර් 3.65 අභියෝගය ජය ගත්තේ ඇයගේ නම ඉදිරියේ පැවති ශ්‍රී ලංකා වාර්තාව තව දුරටත් සෙන්ටි මීටර් 5 න් ඉදරියට තල්ලු කරමින්ය.

කෙසේ හෝ ආධාරකය ඉහළට ඔසවන රඳවනය බිදී ගිය විට සුගතදාසයේ ඒ කාර්ය වෙනුවෙන් ඇති එකම උපකරණය එය බව හඳුනා ගැනීමට ලැබිණ.ඒ රටේ මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් තිබෙන උසස්ම ක්‍රීඩා භූමියේ තත්ත්වය ය.මේ නිසා සචිනිට සිය ඉසව්ව වෙනුවෙන් පිටියේ රැදී සිටින්නට සිඳු වූ කාලය පැය හතරක් පමණ විය.රිටි පැනීමේ වාර්තාව ඇයගේ මීටර් 3.70 දක්වා ගෙන යන්නට ඇය දැරූ උත්සාහය ව්‍යර්ථ වන්නට එම අනවශ්‍යය කාලය හේතු වූවානම්; එය රටේ මලල ක්‍රීඩාවේ ප්‍රගතිය ආපස්සට ඇදීම සඳහා භූමියේ දෝෂයක බලපෑමකි.

රිටි පැනීම සම්බන්ධයෙන් අනෙකුත් ක්‍රීඩාවන්ට වඩා අඩු සැළකිල්ලක් දැක්වීම කාලයක සිට දකින්ට ඇති ඛේදවාචකයකි.ක්‍රීඩා පිටියෙන් පහසුකම් ලබා දිම අවම කරමින් පුහුණුවට වැඩි පුරම බාධා එල්ලවන්නේ රිටි පැනීමටය.එය කැපී පෙනෙන්නේ රිටි පැනීම සඳහා බාධක දිවිමට මෙන්ම පහසුකම් ඇති එකම පිටිය සුගතදාස ක්‍රීඩාංගණය බැවින්ය.

ක්‍රීඩා බලධාරීන් රිටේ නැඟීම ජාත්‍යන්තරය දක්වා නොයාම ගැන පශ්චාත්තාප වීම,සහ ඒ නිසා ඊට ජාත්‍යන්තර තරග අවස්ථා අඩුවෙන් දෙන්නට මලල ක්‍රීඩා බලධාරීන් ගනු ලබන තීරණ පසුපස වැඩියෙන්ම වගකීම රඳා පවතන්නේද ඔවුන් සතුවය.සුගතදාස පිටියේ පමණක් පැවත්විය හැකි මේ ඉසව්ව තවත් ස්ථානවල පැවත්වීමට හැකි පරිදි භූමියේ අවස්ථා වැඩි කිරීම මෙන්ම උපකරණ සම්බන්ධයෙන් තරග වැදිමේදී ඇති විය හැකි ගැටළු අවම කිරිමට අතිරේක උපකරණ මිලදී ගැනීමට සචිනිගේ ජයග්‍රහණය ඔස්සේ හෝ සිතන්නේනම් අපූරුය.

මෙහිදී මෑත කාලයේ ඉතා හොඳ මට්ටම සිටින සචිනි පෙරේරාට මීට වඩා හොඳ තරගකාරී පොළවක තරග කිරීමට අවස්ථාව සැළසීම කෙරෙහි ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය යොමු කළ යුතුය.එසේම මේ වන විට ජාතික මට්ටමේ සූරයන් නිර්මාණය කිරිමේදී රිටි පැනීමේ පුහුණුකරුවෙක් ලෙස සනත් ගුණරත්න දක්වන දක්ෂතාවයන්ද අව තක්සේරු කළ නොහැකිය.සචිනි මෙන්ම අනෙකුත් දක්ෂතා ඇති රිටි පනින්නන් සහ පනින්නියන් නිර්මාණය කරන සහ ඔවුන්ගේ දක්ෂතා පෝෂණය කරන ගුණරත්න සම්බන්ධයෙන් ද බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan