නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ඊයේ (08) දිනයේ සිට අක්‍රිය වී ඇති බව වාර්තා වේ.
එම යන්ත්‍රයේ අධි පීඩන හීටරයේ කාන්දුවක් පරීක්ෂා කිරීම සඳහා ඊයේ පස්වරුවේ සිට එම ජනන යන්ත්‍රය ජාතික විදුලි පද්ධතියෙන් ඉවත් කර ඇති බව සඳහන්.
මේ හේතුවෙන් මෙගාවොට් 270 ක ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට අහිමි වී ඇති නමුත් විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව විදුලිබල අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු ප්‍රකාශ කළේය.
RN