තවත් පාතාල සැකකරුවෙකු STF වෙඩි පහරින් මරුට

0
374

දුලාන් සමීර සම්පත් හෙවත් අබ්බා නමැති පාතාල සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බලකාය සමග වෙඩි හුවමාරුවකින් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ලැබුණු ඔත්තුවකට අනුව මෙම සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා ඊයේ (10) රාත්‍රියේ එගොඩ උයන – මෝදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් දියත් කර ඇති අතර නිවසක කාමරයක සැකඟ වී සිටි සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය සමග වෙඩි හුවමාරුවක නිරත වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එහිදී තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කර සුළු මොහොතකින් මියගොස් ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුර සළිඳු නමැත්තාගේ ගෝලයෙකු වූ 26 හැවිරිදි තරුණයකු බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධියෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළෙකු ද තුවාල ලබා ඇති බව පොලිසිය ප්‍රකාශ කර ඇත.

විවිධ අපරාධ සම්බන්ධ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත කලක් තිස්සේම ජාත්‍යන්තරයෙන් දැඩි චෝදනා එල්ල වෙමින් පවතී. මෙම ඝාතනය ද එම ලැයිස්තුවට එක්වන්නේ ජිනීවා මානව හිමිකම් සමුළුවත් ළඟ ළඟ එන පසුබිමක වීම විශේෂත්වයකි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here