*
Monday, September 30, 2024
spot_img

Latest Posts

එපා වාහෙට හොදි බෙදූ මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවේ ජාමෙ බේරෙයි

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ස දහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පදක්කම් බලාපොරොත්තු සළකා බලද්දී ඉදිරියෙන්ම සිටි ක්‍රීඩකයා වූයේ අයෝමාල් අකලංක ය.ඔහු යොවුන් මීටර් 400 කඩුලු ඉසව්ව සළක්දදී ලෝක මට්ටමෙන් හයවන තැනට ශ්‍රේණිගතව සිටි අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් හා සසඳද්දී සිටියේ තෙවැන්නා ලෙසය.එසේ නොසළකා හැරීම් තිබියදී ඔහු සිය රට වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් මූලික තරග දක්ෂතා අනුව අංක එකේ ක්‍රිඩකයා ලෙස අවසාන තරගයට මුහුණ දෙමින් මේ මොහොතේ ලෝව අංක එකට සිටින ජැමෙයිකාවේ ඩැනියල් රයිට්ට දෙවැනි වෙමින් ඉසව්වේ රිදී පදක්කම දිනා ගන්නට සමත් විය.


අවසාන තරගයට හතරවන මංතීරුවෙන් තරග වැදුණු අයෝමාල් අකලංක තත්පර 51.61 ක දක්ෂතාවයක් දක්වද්දී,පස්වන මං තීරුවේ තරග වැදුණ ඩැනියෙල් ජැමෙයිකාවට රන් පදක්කම දිනා දෙමින් තත්පර 51.51 දක්ෂතාවයක් දක්වන්නට සමත් විය.අයෝමාල් ගේ හොඳම කාලය තත්පර 51.40 ක් වූ අතර අවසාන තරගයේදී ඔහුට ඉසව්ව කළමණාකරණයට උපදෙස් දීමට පුහුණුකරු අනුර බණ්ඩාර නොව කිසිඳු මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් ආසන්නයේ නොවිණ.මූලික තරගවලදී මෙන්ම අවසන් තරගයට සූදානම්වීමේදී අඩුම තරමේ අයෝමාල්ට නිසි සම්භාහනයක් නොලැබිණි.
අයෝමාල් රිදී පදක්කමට අදාළ දක්ෂතාවය සිඳු කිරීමෙන් පසු ශ්‍රී ලංකාව පදක්කම් සටහනට එක් රිදී පදක්කමක් සහිතව ඇතුළත් වූ අතර,ඉන් ටික වේලාවකට පසුව තරග මොහොතේ පුහුණු මාර්ගෝපදේශකත්වයක් අනිවාර්යෙන් ආසන්නයේ රැදී සිටීම වැදගත් උස පැනීම ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ නිලුපුල් පැහැසර ද ශ්‍රි ලංකාවට ලෝකඩ පදක්කමක් හිමි කර දුන්නේ උස පැනීමේ ඉසව්වෙන්ය.

නිලුපුල් සහ රිදී පදක්කම දිනූ සත්කාරක ට්‍රිනිටෑඩ් සහ ටුබෑගෝ හී ජෙම්ස් ජයිඩි සමාන උසක් (මීටර් 2.00) පැන්න අතර ඔවුන් දෙදෙනාගේ ජයග්‍රහණය තීරණය වූයේ මීටර් 1.95 ඉක්මවා ගිය ආකාරය අනුවය.නිලුපුල් මීටර් 1.95 තෙවන අවස්ථාවේදී ඉක්මවා ගිය අතර ජෙම්ස් ට එය පළමු අවස්ථාවෙන්ම ඉක්මවා යන්නට හැකි විය.මෙහිදි අවධානය යොමු කළ යුතු තවත් කරුණක් වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ලෙසඳු අර්ථවිදු සිව්වන ස්ථානයට පත් වීමය.ඔහු මීටර් 1.95 පිම්ම පළමු උත්සාහයෙන්ම ඉක්මවා යන්නට සමත් විය.නමුත් ඔහුට මීටර් 2.00 උස අභිබවා යාමට නොහැකි විය.මෙවැනි තාක්ෂණික ඉසව්වකදී මලල ක්‍රීඩාව සම්බන්ධ පුහුණුකරුවෙක් ( විශේෂ පැනීම් පුහුණුකරුවෙක් නොවුණ ද කම් නැත) ආසන්නයේ සිටියේනම් බොහෝ විට ශ්‍රී ලංකාවට ඉසව්වේ රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම යන පදක්කම් දෙකම දිනා ගන්නට ද අවස්ථාවක් තිබුණ බව පැහැදිළිය.

එසේම මෙහිදී අවධානයට ලක් කළ යුතු වැදගත්ම කාරණා දෙකක් ද ඇත.මෙම පදක්කම්ලාභින් දෙදෙනාම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරග වරම් දිනා ගත් ක්‍රීඩකයින් නිර්මාණය කළ ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවන් යටතේ පුහුණුව ලබන්නෝය.ඒ ප්‍රවීනත්වයේ උපදේශනය දක්ෂයන් නිර්මාණය කරන අලුත් පරම්පරාවට ජයග්‍රහණ නිර්මාණය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට අතිශයින් වැදගත් වනු ඇත.
මලල ක්‍රීඩාව වෙනුවෙන් එක් පුහුණුකරුවෙක් තෝරා ගන්නේනම් ඒ සඳහා අවස්තාව තිබුණේ අනුර බණ්ඩාරට හෝ කීර්ති කුමාරටය.අනුර ජාත්‍යන්තර මට්ටමෙන් දක්ෂයන් නිර්මාණය කිරීමේදී පෙරමුණේ සිටීම මෙන්ම ඔහුගේ මලල ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් සංචාරයට සුදුසුකම් ලබා තිබුණේය.එසේ නොමැතිනම් උස පැනීමේ ක්‍රීඩකයන් දෙදෙනෙක්ම එම ඉසව්ව නියෝජනය කළ බැවින් නිලුපුල් ගේ පුහුණුකුරු රටට ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙන ඒමේදී ඉදිරියෙන් සිටින බැවින් එම අවස්ථාව කීර්ති කුමාරට දිය යුතුව තිබුණේය.


අනුර ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා දීම මෙන්ම,ඔහු විසින් නිර්මාණය කළ ඔලිම්පික් මට්ටමට දක්ෂතා දැක් වූ සුගත් තිලකරත්න ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධූරයද උසුලා ඇත.සමස්ත කණ්ඩායමටම ප්‍රමුඛතා ලේඛණයක් නොසළකා හැරීම නිසා අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛය උල්ලංඝණය කරමින් කාන්තා කණ්ඩායම්භාර නිලධාරිණියක නොමැතිව තරගාවලියට සහභාගි වීමට සිදු විය.සම්භාහකයෙක් නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයට මුහුණ දෙන්නට සිදු විය.මෙවැනි තත්ත්වයක කවුරුන් හෝ මලල ක්‍රීඩා කේෂ්ත්‍රයේ අයෙක් තමන්ගේ උවමනාවන් හෝ රුචිකත්වයන් ඉටු නොවීම ගැන සතුටට පත් වෙනවානම් මලල ක්‍රීඩාවට එපා වහෙට හොදි බෙදීමට අන් අය අතට හැන්ද දීමක්ය. අඩුම තරමේ වගකීම් සහ තනතුරුවල වගකීම සහ කාර්යභාරය පිළිබඳව ඇති නිර්වචන හෝ හරියට තේරුම් නොගැනීම සම්බන්ධයෙන් දැකිය හැකි මේ අර්බූදය සමස්ත මලල ක්‍රීඩාවටම අහිතකර එකකි.


සහභාගී වූ වෙරළ වොලිබෝල්,පිහිණුම් සහ මලල ක්‍රිඩා යන ඉසව් ත්‍රිත්වයෙන් මේ අනුව වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබුණේ මලල ක්‍රීඩාවටය.නමුත් ඉතාම දුෂ්කර තත්ත්වයකට මුහුණ දුන් වීසා ලබා ගැනීමේ කාර්යය අවසාන මොහොතේදී ඔලිම්පික් කමිටුවට නොහැකි වී ක්‍රිඩා අමාත්‍යංශය වෙත පැවරුණ අතර,එහිදී ඇමෙරිකාව හරහා අවස්ථාව ලබා ගනිද්දී වීසා ලබා දීමේදී ප්‍රමුඛතාවය දිය යුතු කාරණාවන් නොසැළකීම නිසා කිසිඳු පුහුණුකරුවෙක්,කළමණාකරුවෙක් හෝ සම්බාහකයෙක් නොමැතිව තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩකයින්ට කිසිඳු උපදේශකත්වයකින් ආරක්ෂාවකින් තොරව මේ තරගාවලියට ඉදිරිපත් වන්නට සිදු විය.ඒ තත්ත්වය මත ලැජ්ජාවක් බැරි වෙලාවත් තිබුණොත් රටේ ජාමේ බේරා දුන් මේ ක්‍රිඩකයින් සමඟ ඡායාරූපයකට හෝ ඉන්නට ක්‍රීඩා බලධාරීන්ට සදාචාරයක් නැත.ප්‍රමුඛත්වය සැකසීම ජාතික ඔලිම්පික් කමිටුවෙන් හෝ ක්‍රීඩා අමාත්‍යංශයෙන් යන බලධාරි ආයතන දෙකෙන්ම අවධානය යොමු නොවුණු කාරණයක්ය.


ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් මෙන්ම මේ තරගාවලියෙන් ලබා ගත හැකි ජයග්‍රහණ ප්‍රමාණය දැන් අහවරය.දුර පැනීමේ ඉසව්වෙන් අටවන තැනට පත් ශලනි හංසනී මීටර් 400 කඩුලු ඉසව්ව දනියෝජනය කළ අතර ඇය එම ඉසව්වෙන් සිව්වන තැනට පත් වන්නට සමත් වූවාය.මීටර් 800 නියෝජනය කළ කසුනි නිර්මාලි සිය මූලික තරගය නිමා කළේ විනාඩි 02:20.52 ට ය.එහිදී ඇයට හිමි වූයේ හයවන තැනය.අවසන් තරගයට සුදුසුකම් නොලැබිණ.


මීට අමතරව ශ්‍රී ලංකාවේ වෙරළ වොලිබොල් කණ්ඩායම සමස්ත තරගාවලියේ දක්ෂතා සළකා බලද්දී නව වන තැනට ශ්‍රේණිගත වන්නට සමත් විය.පිහිණුම් ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට එතරම් දැනෙන බලපෑමක් කරන්නට නොහැකි වූ අතර ඒ ඇතැමෙක්ට දැනෙන බලපෑමක් කරන්නට බලධාරීන්ට හැකි වුයේ සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග නියෝජනය සඳහා ට්‍රිනිටෑඩ් වෙත ඒමට නිසි ලෙස අවස්ථාව නොලැබීමෙන් තරග කිරීම වැළක්වීම නිසාය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan