වාරණ නියෝගය ලැබුණේ නෑ – සෞඛ්‍ය වැඩවර්ජනය දිගටම ක්‍රියාත්මකයි

Date:

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් පවත්වාගෙන යන වැඩවර්ජනයට එරෙහිව අධිකරණය ඊයේ (10) නිකුත් කළ වාරණ නියෝගය තමන් වෙත ලැබී නොමැති බැවින් වැඩවර්ජනය අඛණ්ඩව සිදුකරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

කෙසේවෙතත් එම නියෝගය තමන් වෙත ලැබුණු පසුව නීතිමය උපදෙස් ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ අතර මෙම වාරණ නියෝගයේ නම සඳහන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කර තිබුණේ වැඩවර්ජන ක්‍රියාමාර්ගවලට එළඹීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතියක් වන අතර තම සංගමය කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් කර නොමැති බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...