ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවාමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවාමින් අති විශේෂ ගැසට් නිවේදනයක්  නිකුත් කර තිබෙනවා.

තාවකාලික කාර්ය ක්‍රමයක් වශයෙන් එකී සංගමයේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යාම සඳහා සත් පුද්ගල කමිටුවක් පත්කරන බවයි  ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

එම සත් පුද්ගල කමිටුවේ සභාපති ලෙස මහේෂ් ගම්මන්පිල මහතා නම් කර ඇති අතර ,  ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ නිලවරණය කැඳවීම සහ ඒ කටුයුතු අධීක්ෂණයට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේනතුවේ අධ්‍යක්ෂ ජනරාල්ට බලය පවරන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව ඔහු විසින්  ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ නිලවරණය පැවැත්වීමට විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා එමඟින් නිලවරණ කමිටුවක් පත්කර ගත යුතු වන බවයි පැවසෙන්නේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...