වතුකරයේ ජනතාවගේ ගැටලු ගැන විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරයි (VIDEO)

රටේ සිටින විවිධ ජන කොට්ටාස සම්බන්ධයෙන් රජයට හරිආකාර සංගණනයක් හෝ සංඛ්‍යා දත්ත නොමැති බවත් අස්වැසුම පවා බිඳ වැටුනේ මේ නිසා බවත් එබැවින් වහාම ජන සංගණනයක් සිදු කර ගෘහයක ආදායම් වියදම් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගෙන වතු ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කිරිමට වැඩපිළිවෙළක් දියත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී උඩරට වතු ප්‍රජාව සම්බන්ධයෙන් වන විවාදයට එක්වෙමිනි.

ආර්ථික වශයෙන් ක්‍රියාකාරී වතු ප්‍රජාව ලක්ෂ 4ක් සහ ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන ලක්ෂ 3කට ආසන්න වතු ප්‍රජාවක් සිටින බවත් මීට වඩා විධිමත්ව සැබවින්ම වතු ප්‍රජාව සිටින තත්ත්වය ගැන අවබෝධයක් තිබිය යුතු බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ වතු ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න රාශියක් ඇති බව යි.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වතු ප්‍රජාව මුහුණ දෙන ගැටලු රාශියක් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කර ඒ සඳහා වහාම විසදුම් ඉදිරිපත් කළ යුතු යැයි ද පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...