සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): අවුරුදු 28 සහ 42 වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු , පුද්ගලයෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධව යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඔවුන්ගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක් වු පුද්ගලයා පෙර දින එක් සැකකාරියකගේ 09 හැවිරිදි දියණියට ලිංගික අතවර සිදුකර ඇති බවත් එම හේතුව මත එම කාන්තාවන් දෙදෙනා අදාළ පුද්ගලයාට පොලුවලින් පහර දී ඇති බවයි.
පොලීසිය පවසන්නේ , පසුව එක් සැකකාරියකගේ සහෝදරයා ද තවත් අයෙකු සමඟ පැමිණ අදාළ පුද්ගලයාට පහර දී යතුරු පැදියකින් රැගෙන ගොස් දෙපා ගැටගසා ළිඳක ගිල්වා ඇති බවත්, අනතුරුව අදාළ තැනැත්තා ත්රීරෝද රථයකින් ඔහුගේ නිවසට ගෙන ගොස් දමා තිබෙන බවයි.
මියගොස් ඇත්තේ යාපනය කෝපායි ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සැකකරුවන් කෝපායි, අරසඩි සහ සිත්තන්කේනි ප්රදේශවල පදිංචිකරුවන් වේ.
ඔවුන් අද (14) යාපනය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??