ඖෂධ සංස්ථා ලොක්කා ඉවත් කෙරුණේ අප හෙලිකළ අක්ෂි කාච වංචාව නිසා – පෙ.ස.ප

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඉවත් කිරීමට ආණ්ඩුවට සිදුවූයේ එහි දූෂණ හෙලිදරව් කරමින් අරගල කළ නිසා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. අගෝස්තු 16 දින එම පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙසේ ප්‍රකාශ කළේය.

” රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාව සිටි නීතීඥ සරත් ලියනගේ එම තනතුරෙන් ඉවත් කර ඇති බව අද උදෑසන වාර්තා වුණා. ඔහුට ඉල්ලා අස්වන ලෙස පවසා ඇත්තේ ඖෂධ මිලදී ගැනීම් වලදී සිදුකෙරුණු විශාල වංචා ප්‍රමාණයක් නිසා බව වාර්තා වී තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් මීට පෙර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව සහ KPMG වැනි විඝණන ආයතන වල වාර්තා විවිධාකාර දූෂණ චෝදනා එල්ල කළා. වසර ගණනක් තිස්සේ මේ වාර්තා සියල්ල කුණු කූඩයට දමන තරමේ දේශපාලන රැකවරණයක් ඔහුට තිබුණා. ඒත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ තීරණයට හේතුවී තිබෙන ආසන්නතම හේතුව අප විසින් හෙලිදරව් කළ අක්ෂි කාච මිලදී ගැනීමේ අක්‍රමිකතාව.

පසුගිය අප්‍රේල් මාසයේ ඖෂධ නීතිගත සංස්ථාව හරහා අක්ෂි කාච ලක්ෂයක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳෙව්වා. එහිදී ඒ සියල්ල සඳහා එකට ටෙන්ඩර් කැඳවීම වෙනුවට අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව හරහා කාච 18,000ක් මිලදී ගැනීමේ ටෙන්ඩරයක් සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා කාච 82,000ක් කොටස් කර මිලදී ගැනීමේ ටෙන්ඩර් 8ක් ලෙස ටෙන්ඩර් 9ක් කැඳෙව්වා. සංස්ථාවේ ටෙන්ඩර් වලදී සිදුව ඇති අක්‍රමිකතා රාශියක් අපි හෙලිදරව් කළා. ටෙන්ඩර් තැන්පතු චෙක්පත් වලින් ලබාදීම, අගරු චෙක්පත් ලබාදුන් සමාගම් වලට එරෙහි පියවර නොගැනීම, එක්සත් රාජධානියේ සමාගමක් ලෙස ව්‍යාජ තොරතුරු ලබාදී ඉන්දියාවේ සමාගමකින් කාච මිලදී ගැනීම වැනි ප්‍රශ්නකාරී සිදුවීම් රැසක් තිබුණා. අප ඉදිරිපත් කළ චෝදනා නිවැරදි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවා පිලිගෙන තිබෙන බව ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා ඉවත් කිරීමෙන් පැහැදිලියි.

නමුත් නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කරන්නේ තනි නිලධාරියෙකු නෙවෙයි. මේක දේශපාලඥයන්, ඉහල පෙල රාජ්‍ය නිලධාරීන් සහ ගජමිතුරු චෞර ව්‍යාපාරික වළල්ලක් එක්ව ක්‍රියාත්මක වන ජාලයක්. මේ චෞර ජාලය එක් පුද්ගලයෙකු බිලිදී ඇඟ බේරා ගැනීමට සැරසෙනවා. ජනතාව එයට ඉඩ නොදිය යුතුයි. රෝගී ජීවිත මරු කටට යවන, මහජන අරමුදල් කාබාසිනියා කරන, නිදහස් සෞඛ්‍ය සේවය මරා දැමීමට සැරසෙන මේ විනාශකාරී ජාලයම පරදවන තුරු අරගලය ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා සංවිධානාත්මක බලයක් ගොඩ නගන්න අපි හැම දෙනාටම ආරාධනා කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ ආකාරයේ සුළු තීරණයක් වුවත් ගැනීමට සිදුවුණේ නිහඬව, නිවටව නොසිට හඬ නැගූ නිසා. අරගලයෙන් තොර ජයග්‍රහණයක් නෑ. එය යලිත් ඔප්පුවී තිබෙනවා”

යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...

අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු...

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත ප්‍රහාර එල්ල කරයි; සුදුකාරයා මෙවර පරාජය වනු ඇති බව ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...