කතරගම අවට වන සතුන්ට වස දී මරා දඩ මසට විකුණති

Date:

විනිවිද: දැඩි නියං තත්වය සමඟ බීමට ජලය සොයා යන වන සතුන් ඉලක්ක කරගනිමින් ජල කඩිති වලට වස විස දමා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම,සෙල්ල කතරගම ඇතුළු ප්‍රදේශ රැසකින් මේ වන විට හෙළි කරගෙන තිබේ.

මේ වන විට කතරගම ඇතුළු ප්‍රදේශ රැසක මෙය ක්‍රියාත්මක වන බවට වන ජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් මහතා සහ යාල ජාතික වනෝද්‍යානය භාර නිලධාරි මනෝජ් විද්‍යාරත්න මහතා ප්‍රකාශ කරයි.

වන සතුන් බහුලව ගැවසෙන යාල ජාතික උද්‍යානය ඇතුළු රක්ෂිත සීමාවන්හි වැව්, ජලකඩිති සිඳී ගොස් ඇති නිසා ජලය සොයා යන වනසතුන් ඉලක්ක කර ගනිමින් සිඳී ගිය ජල කඩිති වලට සහ කුඩා වලවල් හාරා ඒවාට ඉටි බෑග් බහා ඒ තුළට කෘෂි රසායනික ද්‍රව්‍ය සහිත ජලය පුරවා වනසතුන් මරා මෙම දඩමස් ජාවාරම සිදුකරන බවට තොරතුරු ලැබී තිබේ.

මෙය කතරගම වන්දනාවේ එන බැතිමතුන්ට දඩමස් සැපයීම පිණිස කරනු ලබන්නක් බව ද අනාවරණය වී තිබේ. මීට අමතරව කතරගම,සෙල්ල කතරගම ආශ්‍රිතව දඩ මස් ලෙසින් බලු මස් විකිණිමේ ව්‍යාපාර ජාලයක් ද මින් පෙර අනාවරණය වී තිබිණ.

මෙසේ වස මුසු කළ ජලය ලබා දීමෙන් සතුන් ඝාතනය කරන්නවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවා රාත්‍රී දෙකෙහිම වනජීවී නිලධාරීන් විශේෂ මුර සේවාවක් යොදවා ඇති අතර දඩ මස් ආහාරයට ගැනීමෙන් මුළුමනින්ම වළකින ලෙස ඔව්හු ජනතාවට කාරුණික ආයාචනයක් කරති.

මූලාශ්‍රය: විනිවිද

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවට ඇඟිල්ල ගහන්න ඉඩක් හදන ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය සමීපව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...