ජනාධිපති ජෝකෝ විඩෝඩෝගේ නොනවතින කැස්ස හා ඉන්දුනීසියාවේ වායු දූෂණය

Date:

ඉන්දුනීසියාවේ ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පසුගිය මාසය පුරා කැස්සකින් පෙළෙන අතර, ලෝකයේ නරකම වායු දුඋෂණයෙන් පෙළෙන ජකර්තා අගනුවර වැසියන්ට නම් මෙය පුදුමයට කරුණක් නොවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

ස්විට්සර්ලන්ත වායු තත්ත්ව තාක්‍ෂණ සමාගමක් වන IQAir, ලෝකයේ නරකම වායු දූෂණය ඇති නහරය ලෙස ජකර්තා නගරය හදුන්වා දත්ත ඉදිරිපත් කිරීමට පෙර පවා වාහන පිටකිරීමේ විමෝචනය, ඉදිකිරීම් ව්‍යාපෘති, ජෛව ස්කන්ධ දහනය සහ ගල් අඟුරු ඇතුළු අනෙකුත් ඉන්ධන ඇතුළු සාධක සමුච්චයක් හේතුවෙන් ජකර්තා ලෝකයේ වඩාත්ම දූෂිත ස්ථාන වලින් එකක් බව අධ්‍යයනයන් නිරන්තරයෙන් සොයාගනු ලැබිය.

ජනාධිපතිවරයාගේ කැස්සට හේතුව වෛද්‍යවරුන් විසින් හඳුනා ගනිමින් සිටි අතර, නොහෝදුරට වායු දුෂණය මේ සදහා හේතු වන්නට ඇති බවයි ඔවුන් උපකල්පනය කරන්නේ. මේ සම්බන්ධයෙන් විචාරකයන් සදහන් කරන්නේ, ජනාධිපතිවරයාගේ කැස්ස ඔහුගේම අකාර්යක්ෂමතාවයේ ප්‍රතිවිපාකයක් බවයි.

2021 වසරේදී වායු දුෂණය නරක අතට හැරෙමින් පවතින විට පැමිණිලිකරුවන් 32 දෙනෙකු විසින් ජනාධිපතිවරයා හ ඇමතිවරුන් තිදෙනෙකු සහ පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු විත්තිකරුවන් ලෙස නම් කර ගොනු කරන ලද පුරවැසි නඩුවක් ගොනුකළ අතර එයට අනුව ජකර්තාවේ වායු දූෂණය සම්බන්ධයෙන් ඔවුන් වගකීම දරන බව සොයා ගනු ලැබිය.

අසල්වැසි බටහිර ජාවා සහ බැන්ටන් පළාත්වල ආණ්ඩුකාරවරුන් තම ප්‍රදේශයේ දූෂණය නියාමනය කිරීමේ රාජකාරිය පැහැර හරිම අගනුවරට බලපා ඇති බව විනිසුරුවරු තීන්දු කළහ.

නඩු තීන්දුවෙන් අනතුරුව විනිසුරුවරයා ජනාධිපතිවරයාට සහ ඔහුගේ නිලධාරීන්ට නියෝග කර තිබුණේ, ජකර්තා හි වායු දූෂණය පාලනය කිරීමට පියවර ගැනීම නොසලකා හැරීමෙන් නීති විරෝධී ක්‍රියාවක් වන බවත්, අගනුවර වාතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ වායු දූෂණය පිළිබඳ රජයේ රෙගුලාසි සංශෝධනය කරන ලෙසයි.

ජනාධිපති ජොකෝවි සහ ඔහුගේ ඇමතිවරු තීන්දුවට අභියාචනා කළ අතර, 2023 දී නැවත අභියාචනය කිරීමට පෙර 2022 දී පරාජයට පත් විය. එම අවසන් තීන්දුව තවමත් පවතීයි.

ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, මෙම වසරේ අගෝස්තු මාසය වන විට ජකර්තා හි පදිංචිකරුවන් 600,000 ක් ඉහළ ශ්වසන ආසාදන සමඟ ජීවත් වන බව තහවුරු කර ඇති අතර, මෙය හදිසි අවස්ථාවක් වන හෙයින් ඉක්මනින් හැසිරවිය යුතු බවට අනතුරු අගවා ඇති බවයි මාධ්‍ය වාර්තාකර තිබුණේ.

සශිකලා මධුෂාණි-Outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...