මුදල් කාරක සභාව ගෙන ඇත්තේ වැදගත් තීන්දුවක් – කරූ ජයසූරිය

Date:

පාර්ලිමේන්තුවේ වගකීම් මැනවින් හඳුනාගනිමින්
මුදල් කාරක සභාව ගෙන ඇති වැදගත් තීන්දුව අගය කල යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය මහතා පවසයි .

පාර්ලිමේන්තුව සතු කාර්යභාරය මැනවින් හඳුනාගෙන ජනතා යහපත මුල්කරගත් වැදගත් තීන්දුවක් ගෙන ඇති මුදල් කාරක සභාවේ වැඩබලන සභාපතිතුමා ඇතුළු එම කාරක සභාව නියෝජනය කරන සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප අපගේ අචාරය පුදකරන්නෙමු.
අප මෙම අගය කිරීම සිදුකරන්නේ ජනතාවගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ ඇතුළු රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පැවැත්මට හේතුවන භාණ්ඩ ගණනාවකට අදාළව ලබා දී ඇති තීන්දුවක් සැලකිල්ලට ගනිමිනි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සියළුම කාරක සභා සතුව පවතින වගකීම් හා කාර්යභාරය සිහිපත් කරමින් ඒවායේ සභාපතිවරුන් ඇතුළු සමාජික සියළු මන්ත්‍රීවරුන් දිරිමත් කිරීම පොදු සමාජයේ යුතුකමක් ද වන හෙයිනි.
ඒ අනුව සැලකීමේදී සිමෙන්ති කොට්ටයේ සිට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය ද්‍රව්‍ය හා භාන්ඩ ආනයනය කරන හා බෙදාහරින සමාගම් ලබාගනිමින් සිටින අයථා ලාබ යම් සීමාවකට හෝ ගෙන ඒමට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව තීන්දුවක් ගෙන තිබේ.

එමෙන්ම පාන් පිටි කිලෝවක මිල රුපියල් 198 ක මට්ටමක පවත්වා ගත හැකි බව පෙන්වා දෙමින් ඊට අදාළවද තීන්දුවක් ලබා දී තිබේ.
පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ මෙම මැදිහත්වීම අප සලකන්නේ පටු දේශපාලන අවශ්‍යතා මුල්කරගෙන පාර්ලිමේන්තුව තුළ නිතර ප්‍රදර්ශනය වන රණ්ඩු සරුවල් හා නිශ්ප්‍රයෝජන වාද විවාදවලින් මිදී ජනතාව වෙනුවෙන් වූ යහපත් පෙනීසිටීමක් ලෙසටය.


රටක් ලෙස ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට ගොදුරුව පවතින මෙවන් මොහොතක; ඇතැම් ආනයනකරුවන් එම තත්වය කිසිසේත්ම නොසලකා හරිමින් අසීමිත ආකාරයට ලාබ ලබාගැනීමේ අරමුණින් සිදුකරමින් සිටින සාධාරණ නොවන පිළිවෙත විමර්ශනය කරමින් ඊට මැදිහත් වීම වගකීමක් සහිත සෑම ආයතනයකම යුතුකමකි. එහිදී රටේ මූල්‍ය පාලනය ද ඇතුළු ප්‍රතිපත්ති සම්පාදනයේ ලා ප්‍රමුඛතම වගකීම පැවැරී ඇති පාර්ලිමේන්තුවට අත්හැරිය නොහැකි වගකීමක් පැවරී තිබේ. එහිදී පාර්ලිමේන්තු කාරක සභා වෙත ද වැදගත් කාර්ය භාරයක් ඇත. සංවිධානයක් ලෙස අප ඒ බව වාර ගණනාවකදීම පෙන්වා දී ඇත්තෙමු.


ඒ අනුව සැලකීමේදී පාර්ලිමේතු මුදල් කාරක සභාව ගෙන ඇති මෙම පියවර අගය කළ යුතුය. එමෙන්ම මේ රටේ මධ්‍ය පරිමාන ව්‍යාපාරික ප්‍රජාවට තදින්ම බලපෑමක් එල්ල කරමින් සිටින ඉහළ පොලී අනුපාතයන් කෙරෙහිද එම කාරක සභාවේ අවධානය යොමුකරලීම ඉතා වැදගත් වන බවද පෙන්වා දෙනු කැමැත්තෙමු.

අද වන විට මේ රටේ වාණිජ බැංකු විසින් පවත්වාගෙන යන ඉහළ පොලී අනුපාතයන් රටේ ප්‍රගමනයට අහිතකර බලපෑමක් එල්ල කරමින් සිටින බව පැහැදිලිය. ශ්‍රී ලංකා මහ බැංකුව මේ පිළිබඳව නිකුත් කර ඇති නියෝගයන් ද සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳවද යම් මැදිහත් වීමක් සිදුකරන ලෙස පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවෙන් ඉල්ලා සිටීමට මෙය අවස්ථාවක් කරගන්නෙමු.

කරු ජයසූරිය
සභාපති
සාධාරන සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.
19/08/2023


.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...