*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

සත්කාරකත්වයේ උපරිමය තව දුරටත් වර්ධනය කර ගන්නට ඔස්ට්‍රේලියාව දරණ උත්සාහය අද

මෙවර ලෝක කාන්තා පාපන්දු සූරතාවලියේ සම සත්කාරකත්වය දැරූ රටක් හැටියට ඕස්ට්‍රේලියාවට මෙවර ඉතිහාසයේ පළමු වතාවට කාන්තා ලෝක කුසලාන තරගාවලියක මුල් කණ්ඩායම් හතර දක්වා එන්නට අවස්ථාව හිමි වී ඇත.අද ඒ අවස්ථාව තරගාවලියේ තෙවැනි තැන දිනා ගනිමින් තව දුරටත් ඉහළට ඔසවා තැබීමට සත්කාරක ඔස්ට්‍රේලියාවට හැකි වුණොත් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන ස්වීඩනය තමාන් ඉතිහාසයේ එක් වතාවක් අනු සූරතාවය සහ තෙවතාවක්ම තෙවන තැනට පත්වීමෙන් තබා තිබෙන වාර්තාවට සිව්වන තැනක් එකතු වනු ඇත.


සත්කාරක නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතරින් වඩාත්ම කැපී පෙණුන කණ්ඩායම වන ඔස්ට්‍රේලියාව අවසාන පූර්ව තරගායේදී එංගලන්තයට පරාජය වන තෙක්ම පාපන්දු විචාරකයින් දුටුවේ මෙවර කුසලානය ඔස්ට්‍රේලියාවේම තබා ගැනීමට තරම් දක්ෂතාවයක් ඔවුන් සතුව තිබෙන බවය.මෙවර තරගාවලියේ වඩාත්ම වැදගත්ම සිඳුවීම වන්නේ අවසන් කණ්ඩායම් හතර ඇතුළේ මීට පෙර ලෝක සූරතාවය දිනූ එක් කණ්ඩායමක් හෝ නොමැති වීමය.ස්වීඩනය මේ කණ්ඩායම් හතරේ ලෝක කුසලානය සම්බන්ධයෙන් වඩාත්ම කීර්තියක් දිනා සිටින කණ්ඩායම වන අතර ඊ ළඟට සිටින්නේ එංගලන්තය ය.ඔවුන් අවසන් වරට කාන්තා ලෝක සූරතාවය පැවත් වූ 2015 සහ 2019 වසරවල පිලිවෙලින් තෙවන තැන සහ සිව්වන තැන දිනා ඇත.


ඕස්ට්‍රේලියාව සහ ස්පාඤ්ඤය යන කණ්ඩායම් දෙකම සූරතාවය සඳහා තරග වදින අවසාන කණ්ඩායම් හතර අතරට පැමිණි පළමු අවස්ථාවය.
කාන්තා ලෝක කුසලානය 1991 දී ආරම්භ වී ඇත. වැඩිම වරක් සූරතාවය දිනා ඇත්තේ ඇමෙරිකාවය.ඒ සිව්වතාවකි.ඔවුන් 2019 දී ද සූරතාවය දිනා ගත්තත් මෙවර අවසාන කණ්ඩායම් හතර අතරට ඒමට හෝ අවස්ථාවක් නොලද්දේ ය.ජර්මණිය දෙවතාවක් ද,නෝර්වේ එක් වතාවක්ද සූරතාවය දිනා ඇත.
මේ ඉතිහාසයේ අමතක කළ නොහැකි ආසියාතික කණ්ඩායම් දෙකක් ද වේ.ඒ අතරින් ජපානය 2011 දී ලෝක සූරියෝ වූහ.2015 දී අනු සූරියෝ වූහ.චිනය 1995 දී සිව්වන තැනටත්,1999 දී දෙවන තැනටත් පත් වී ඇත.මෙවර තරගාවලියේ මේ ඉතිහාසයේ සූරතාවයන් අනු සූරතාවයන් දිනා ගත් කන්ඩායම් අතරින් ස්වීඩනය හැරෙන්නට අවසාන කණ්ඩායම් අට අතරේ සිටියේ ජපානය සහ 2019 දි අනු සූරියන් වූ නෙදර්ලන්තය පමණි.


පිරිිමි ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම මෙවර කාන්තා ලේාක සූරතාවලියේදී ද අප්‍රිකානු මහද්වීප පාපන්දුවේ බලපෑම තදින් දැනෙන්නට තිබුණු අතර කොළොම්මියාව අවසාන කණ්ඩායම් අට අතරට ද පැමිණියේය.
කෙසේ හෝ ඕස්ට්‍රේලියාව මෙවර සිය සත්කාරකත්වයේ දායකත්වය ද සහිතව තමන්ගේ ප්‍රේක්ෂකාගාරය=යේ ආදරණිය දිරි ගැන්වීම් සමඟ බොහෝ දුර පැමිණ ඇත.ඔවුන් සිව්වන තැනට පත් වුණද එය ද ඉතිහාසයේ පළමු වරටය.නමුත් එසේ සැනසෙන්නට ඔවුන් සූදානම් නොවනු ඇත.ඒ නිසා තමන්ගේ ඉතිහාසයේ කීර්තිය ඕස්ට්‍රේලියානු පාපන්දුවට යටත් කරන්නට නොදෙන්නට ස්වීඩනය දරන වෑයම සමඟම ඔස්ට්‍රේලියාව සිය සත්කාරකත්වයේ වරප්‍රසාද සමඟ උපරිමය දිනා ගන්නට ගනු ලබන වෑයම ද නිසා මෙවර තරගාවලියේ කෙවන ස්ථානය තීරණය කිරීමට අද පවත්වන තරගය වඩාත් උණුසුම් එකක් වනු නො’අනුමානය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan