සහල් හිඟයක් ඇති නොවුණත් සහල් මිල ටිකක් ඉහළ යාවි – කෘෂිකර්ම ඇමති

Date:

දැනට සහල් හිඟයක් ඇති වෙතැයි බියක් තබා ගත යුතු නැති අතර දැනට රට තුළ පවතින වී සහ සහල් තොග ලබන මහ කන්නයේ අස්වනු ලැබෙන තෙක් ප්‍රමාණවත් වනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

නමුත් රජය සතුව අමතර සහල් හෝ වී තොග (Buffer stock) නැති බවත් දැනට සියලු වී තොග පවතින්නේ පුද්ගලික අංශයේ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කළ ද ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමෙන් වැළකී සිටින බවත් එමනිසා ඉදිරි කාලය තුළ සහල් හිඟයක් ඇති නොවුනත් වෙළෙඳ පොළේ සහල් මිල යම් ප්‍රමාණයකට ඉහළ යනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව, පුද්ගලික අංශය සතුව වී තොග පවතින හෙයින් සහල් මිල ඉහළ ගියහොත් ඊට මුහුණ දීමට මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයට සිදු වනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් සංවිධානය කරන ලද ජාතික ක්ෂේත්‍ර දින උත්සවයට පසුගිය 19 වනදා එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...