හවායි හි ලැව්ගින්නෙන් විපතට පත් වූවන්ගේ දුක සැප බලන්න ගිය බයිඩ්න්!

0
294

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හවායි හි ඇති වූ ලැව්ගින්නෙන් සිදු වූ හානිය පිළිබඳ සොයා බැලීමට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හවායි හිබැති වූ මෙමෙ ඛේදවාචකය ප්‍රාන්තයේ මෙතෙක් සිදු වූ දරුණුතම ස්වාභාවික ව්‍යසනය බව ඔහු කියා සිටියේය.

එක්සත් ජනපදයේ මාරාන්තික ලැව් ගින්නෙන් දින 13 කට පසු ඔහු ඉකුත් සඳුදා ජනපති බයිඩ්න් මවුයි වෙත පැමිණියේ, දිවි ගලවා ගත් අයට ජාතිය අමතමින් ඔහු ද ඔවුන් සමඟ ශෝක වන බව පවසමිනි.

ජනපති බයිඩ්න් සහ ජනාධිපති ආර්යාව Jill Biden ලහයිනා නගරයේ ගිනිගත් නටබුන් නැරඹීමට ද ගොස් තිබිණි.

එම විපතෙන් පුද්ගලයින් 114 දෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 850 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇත.

හවායි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ වින්දිතයන්ගෙන් බොහෝ දෙනෙක් කුඩා දරුවන් විය හැකි බවයි.

සුන්බුන් මැද විනාඩි 10 ක් පමණ කතා කළ බයිඩ්න් මහතා පැවසුවේ; විපතට පත් වූවන් සමඟ මුලු රටම සිටින බවයි.

සටහන – නිපුනි ලියනගේ