එදා ඇඟලුම් කම්හල් වලට අපහාස කළ අය අද කරන දේ විපක්ෂ නායක සජිත් දඹදෙණියේදී කියයි (VIDEO)

Date:

එදා ඇඟලුම් කම්හල් දෙසීය වැඩපිළිවෙළට අපහාස කළ,උපහාස කළ උදවිය අද මේ ව්‍යසනය නිසා යන්තම්වත් හුස්ම ගන්නෙ ඇඟළුම් කම්හල් නිසා බව කියන තැනට පත්වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිදහසෙන් පස්සේ හැම විපක්ෂයක්ම සිදුකොට ඇත්තේ විවේචනය පමණක් බව පැවසූ විපක්ෂ නායකවරයා, බලය නැතිවත් වැඩ කිරීමේ ආදර්ශය සපයන්නේ සමගි ජන බලවේගය පමණක් බවයි පෙන්වා දුන්නේ.

බලය නැතිව කරන වැඩවලින් බලය ඇති විට කරන වැඩ පිළිබඳ කිසියම් තක්සේරුවක් ඇතිකර ගන්නා ලෙස ප්‍රකාශ කළ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගය රජයක් යටතේ පෙර නොවූවිරූ මෙහෙවරක් රටට ඉටුකරන බවත් අවධාරණය කළේය.

හිටපු කැබිනට් ඇමැතිවරයකු, විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මෙන්ම මානව හිතවාදී සමාජ සේවකයෙකු වූ දිවංගත යූ.බී. විජේකෝන් මහතා සිහි කිරීම පිණිස යූ.බී විජේකෝන් අනුස්මරණ පදනම මගින් ඉදිකරනු ලැබූ ස්මාරකය විවෘත කිරීම ඊයේ (12) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

දඹදෙණිය හත්පත්තුව ප්‍රදේශයේ ආදායම් පාලක ලෙස කලක් කටයුතු කළ ඒ මහතා දිවංගත අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ ආරාධනයෙන් 1970දී දඹදෙණිය ආසනයේ එජාප සංවිධායක ලෙස පත්විය.

1977 දී දඹදෙණිය ආසනයෙන් ඉදිරිපත් වී වැඩිඡන්ද ලබා පාර්ලිමේන්තුවට තේරීපත්වූ යූ.බී. විජේකෝන් මහතා දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජයේ යාපනයේ දිසා අමාත්‍ය ලෙස පත්වී 1989 දී රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ලෙසත් ඉන්පසු පේෂ කර්මාන්ත අමාත්‍ය ලෙසත් කලක් කටයුතු කළේය. දේශපාලන කටයුතුවලින් විශ්‍රාමගෙන ඌව වෙල්ලස්ස සංසදයේ අනුශාසකවරයා ලෙස මියයනතුරුම අමාත්‍ය යූ.බී. විජේකෝන් මහතා කටයුතු කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...