ගිණි සිළුව ප්‍රියංකරට සහ ශිවන්තට දිව්රුම ලක්රාණි ට.

Date:

මෙවර ජජාතික ක්‍රීඩා උළෙලේ ඔලිමිපික් ගිණි පහන දැල්වීමේ අවස්ථාව බස්නාහිර පළාත නියෝජනය කරන ඊ.එම්.එල් ප්‍රියංකරට සහ ශිවන්ත ජයතිලකට හිමි වී ඇත.තරග උළෙලේ දිව්රුම ප්‍රතිශ කිරීමේ කාර්ය පැවරී ඇතතේ තවමත් රිටි පැනීමේ ඉසව්වේ තරගකාරී මට්ටමෙන් ඉදිරියෙන්ම සිටින හිටපු ජාතික වාර්තාලාභීණියක වන ලක්රාණි පෙරේරා ටය.


ක්‍රිඩා 30ක් යටතේ පළාත් නවය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3215ක් සහ ක්‍රීඩිකාවන් 2591ක් ඇතුළුව ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 5806ක් සහභාගි වූ මෙවර 47 වන වරට පැවත්වෙන ජාතික ක්‍රිඩා උළෙලේ කටයුතු,රටේ පවතින ආර්ථිකමය දුප්පත්කම සමඟ ගැටෙමින් දුෂ්කරතා සහිතව ඉදිරියට ගෙන එමින් එහි සමාප්තිය සනිටුහන් කරන මලල ක්‍රිඩා තරග 2023 අගෝස්තු 24, 25 සහ 26 යන දිනවල සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.
අඩු පහසුකම් යටතේ වුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් පන්දහසකට අධික පිරිසකගේ සියලු පහසුකම් හැකි අයුරෙන් ඉටු කිරීමට කටයුතු කර ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය පෙන්වා දෙයි.මිල නොමැති චාම් අඩම්බරයක් ක්‍රිඩා උළෙලට එක් කරමින් කුඩා ඔලිම්පික් උළෙලක හැඩයෙන් මෙවර ක්‍රිඩා උළෙල සරසන්නට වත්මන් ක්‍රීඩා අධ්‍යඛ්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු ප්‍රශස්ත උත්සාහයක නියැලෙමින් ඇත.ඔහු හිටපු ඉහළ නාවික හමුදා නිලධාරියෙක් මෙන්ම ක්‍රීඩා පරිපාලකයෙක් ද,ඔලිම්පික් සම්ප්‍රදාය ගැන ශ්‍රි ලංකාව නියෝජනය කරමින් අත්දැකීම් එකතු කර ගත් අයෙක්ද වන බැවින් පවතින තත්ත්වය අනුව යහපත් මට්ටමකින් තරගාවලිය ක්‍රියාවට නැඟෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.
තරගාවලියේ වැදගත්ම කාරණය වන්නේ ප්‍රතිපල නිකුත් කිරීමේ දී ඇතිවන පමාවය.ඒ සඳහා අන්තර්ජාල පහසුකම් සහිතව අඩුම ගණනේ ඉක්මණින් ප්‍රතිපල නිකුත් කළ හැකි මට්ටමේ බ්ලොග් අඩවියක් හෝ නිර්මාණය කළ හැකිනම් මාධ්‍යකරුවන්ට ප්‍රතිපල ලබා ගැනීම සඳහා පෝලිම් ගැසෙන්නට හෝ ප්‍රමාද සම්බන්ධයෙන් ගැටළු ඇති කර ගන්නට අවශ්‍යය නොවනු ඇත.


රන් පදක්කම් 262ක්, රිදී පදක්කම් 262ක් සහ ලෝකඩ පදක්කම් 360ක් පිරිනැමෙන මෙවර පැවත්වෙන ජාතික ක්‍රිඩා උළෙලේ සමාරම්භය හා එක්වීමට නියමිතව ඇත්තේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනය.සමාප්ති සමාචාරයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වන්නේ රනිල් වික්‍රමසිංහය.ක්‍රිඩා අමාත්‍යංශයේ අවධානය යොමු වී නැති කරුණක් වන්නේ මෙවර ආසියානු ක්‍රිඩා උළෙලට එකතු වන මෙරට ක්‍රීඩාවේ නියැලෙමින් සිටින ක්‍රිඩක කණ්ඩායමය.ඒ දායකත්වය සිඳුවන්නේ හැකියාව පදනම් කරගෙනය.යම් පරිසාධන මට්ටමක් සාක්ෂාත් කිරීමේ එම හැකියාව අගය කර ඔවුන්ට හොඳ දිරි දීමක් ලබා දෙන්නට ද මෙවර ක්‍රිඩා උළෙල යොදා ගන්නට හැකියාව ඇත.

ඡායාරුපයේ දැක්වෙන්නේ මෙවර ක්‍රීඩා උළෙලේ දිව්රුම් දීමට නම් කර සිටින රිටි පැනීමේ ක්‍රීඩිකා ලක්රාණි පෙරේරා ය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...