ජීවන් තොන්ඩමාන් සිවාජි ගනේෂන් රංගනයක ….

Date:

සුදු අධිරාජ්‍යවාදීන් විසින් වතුකම්කරුවන් මෙරටට රැගෙන ආවේ වතුකරේ යෝජිත වැවිලි කර්මාන්තයට ඇවැසි වතු වහලුන් ලෙසය. නමුත් ඒ කාලෙ අප්‍රිකාවෙන් යුරෝපයට වතු වහලුන් ලෙස රැගෙන ගිය වහල් පරම්පරාවේ එකෙක් කාලයාගේ ඇවෑමෙන් බලවත් රටක ජනාධිපති වන තෙක්ම අපේ රටේ වතු වහළුන් සදා වතු වහලුන්මය.

එය එසේ වූයේ සිංහල පාලකයන්ගේ එකතැන ඝනීභූත වූ නරුමකම නිසාය.

එසේම දශක ගානක් තිස්සේ වතුකරේ දෙමළ ජනයා එදාමෙදා තුර පත්වූ සියළු ආන්ඩුවලට උගස් තබමින් ආන්ඩුවල බර ඇමතිකම් කීපයක් රැගෙන වතුකම්කරුවන් සූරාකෑමට ආන්ඩු ගෙනා සියලු අනපනත් වලට අත් දෙකම ඔසවා පසුව වතු ජනයා ලඟට පාවඩ මල්මාල මතින් ගොස් රජිනි කාන්ත්ලා වූ තොන්ඩමාන් හැතිකරේ ඊටවඩා දෙගුණයක් නරුමය.

පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන ආ මේ පාදඩ රංගනයේ නරුමම චරිතය ලෙස දැන් කරළියට එමින් සිටින්නේ ජීවන් තොන්ඩමාන් ඇමතිවරයාය. වතු කම්කරුවන්ට උන් හිටි තැන් අහිමිවීමට උත්තර හොයාගත යුත්තේ තමන් ලැග සිටින ආන්ඩුව තුලින්මය, ඔවුන් කරට අත දාගෙන ලෝකෙ වටේ එකට සවාරි යන ආන්ඩු කරනන්ගෙනි, ඒ මිස දෙමළ ජනයා හමුවේ කරන ලුම්පිත රජිනි කාන්ත් රංගන තුලින් නොවේ.

තොන්ඩමාන්ලාගේ ඉතිහාසය ආරම්බර වන්නේ වතුකම්කරුවන් ලෙසින් මෙරටට පැමිණ වතුකම්කරුවන්වම කුළී කම්කරුවන් ලෙස සපයා මුදල් උපයාගත් කල්ලර් නැමති කුලයට අයත් පරපෝෂිතයන් ලෙසය. ඔවුහු එදා සිට අදා දක්වාම දෙමළ මිනිසුන්ව උගස් තැබීමේ රැකියාව ජයටම කරගෙන ගියෝය …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...