පුත්තලමේ සහ පොළොන්නරුවේත් බැඩිමින්ටන් කැකුළු සංචිත පිහිටුවයි

Date:

අවුරුදු 13 න් පහළ බැඩිමින්ටන් දිස්ත්‍රික් සංචිත පිහිටුවීම යටතේ පුත්තලම සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හී සංචිත පිහිටුවීමේ කටයුතු පසුගියදා නිමාවට පත් වුණා.එහිදී අවසාන වරට පිහිටවනු ලැබූ පොළොන්නරුව දිස්ත්‍රික් සංචිතයේ ආරම්භයට ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ එක් වූ අතර එහි විශේෂ ආරාදිතයා හැටියට එක් වූයේ ශ්‍රී ලංකා බැඩිමින්ටන් සභාපති රොහාන් ද සිල්වා යි.


රට පුරා බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අනාගතය සවිමත් කිරීම වෙනුවෙන් අද දවසේ තීරණාත්මක වැඩ සැළසුම් සකස් කිරීම සඳහා ක්‍රියාත්මක මෙම දිස්ත්‍රික් පුහුණු සංචිත වැඩ සටන මෙහෙයවීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් උප සභාපතිවරයෙක් වූ,ප්‍රදේශිය වශයෙන් බැඩිමින්ටන් සංවර්ධනය කිරීමේ කාර්ය භාරය පැවරි කමිටුවේ සභාපතිවරයා වන රොෂාන් ගුණවර්ධනටයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ පැවති පුහුණු සංචිය පිහිටුවීමේ වැඩ සටහනට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වුණේ ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංගමයේ උප සභාපතිවරයෙක් වන දිනේෂ් ජයවර්ධනයි.ඊට අමතරව මෙම අවස්ථාවට එක් වූ ප්‍රභූන් අතර වෙන්නප්පුව ජෝෂප්වාස් විදුහල්පති ප්‍රියංජීව ගුණරත්න පූජකතුමා,බැඩිමින්ටන් සම්මේලන උප සභාපති රොෂාන් ගුණවර්ධන,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුසන්ත කුමාරසිංහ මෙන්ම වයඹ පළාත් බැඩිමින්ටන් සංගම් සභාපති චතුරංග රත්නායක,ලේකම් ච්නද්‍රමාලි වික්‍රමසිංහ සහ භාණ්ඩාගාරික පුෂ්පික ගුණසේන ද එක්ව සිටියා.


පොළොන්නරුව සංචිතය පිහිටුවීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වා යන දෙපළට අමතරව ශ්‍රී ලංකා බැඩිමින්ටන් උප සභාපතිවරයෙක් වන දිනේෂ් ජයවර්ධන සහ සංගමයේ උප භාණ්ඩාගාරික රේණු චන්ද්‍රකා,මාධ්‍ය සම්බන්ධීකාරක අජන්ත තන්තුලගේ ද එක්ව සිටියා.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...