*
Friday, October 4, 2024
spot_img

Latest Posts

ක්‍රීඩාවට මුල් තැන,අගමැතිට ලොකු තැන දෙමින් ජාතික ක්‍රීඩා උළෙල ඇරඹෙයි!

ක්‍රීඩාවට වටිනාකමක් දීමට ක්‍රීඩකයන්ට මුල් තැන දෙමින් මෙවර ජාතික ක්‍රීඩා උළෙල ඇරඹුණ බවත්,එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අදහසකට අනුව නව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සැළසුම් කළ බවත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.


නමුත් එම සමාරම්භක උළෙලේ මුල් තැනට ඉහළින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන තැබීමට කටයුතු කර තිබෙන බව ප්‍රකට විය.ඔහු අතින් දක්ෂ ක්‍රීඩකයන්ට කුසලාන පිරිනැමුණු අතර එය ජාතික ක්‍රීඩා උළෙලට අදාළ ගිණුමෙන් සිදු කරන්නක් වීම සාමාන්‍ය තත්ත්වය වුව ද,වාර්තා වී තිබෙන්නේ “අග්‍රාමාත්‍යවරයා විසින්” එම කුසලාන ලබා දුන් බවය.

සමාරම්භක උළෙලට ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙනා නෙත්මි අහිංසා සහ ඩිලංක ඉසුරු කුමාර සහභාගි වන බව ක්‍රීඩා අමාත්‍යංශය වාර්තා කර තිබුණ ද,සමාරම්භයට ඔවුන් සහභාගි වූවා ද,සහභාගි නොවුණානම් ඊට බලපෑ හේතුව කවරේද යන්න හෝ සහභාගි වූවේනම් ඔවුන් ප්‍රධාන ආරාධිතයන් හා රැදී සිටින ඡායාරූප අමාත්‍යංශය හරහා මාධ්‍යයට නිකුත් වී නොතිබිණ.ඒ ක්‍රීඩාව, ක්‍රීඩකයා සහ දේශපාලනය ගැන අමාත්‍යංශගත කියවීමය.

ක්‍රීඩා පරිපාලනයට සංගම් හරහා සහ ජාතික ඔලිම්පික් කමිටුව හරහා සම්බන්ධව වැඩ කර දැණුමක් ඇති ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ ක්‍රීඩා උළෙල සැළසුම් කර යම් වටිනාකමක් දක්ෂ ක්‍රීඩකයන්ට අභිමන් දැක්වීමට යොදා ගැනීම යහපත්ය.රාජ්‍ය නිලධාරියෙක් පුරවැසියන් සංතෘප්ත කිරීම සඳහා වැඩ කටයුතු කළ යුත්තේ ඒ ආකාරයෙන්ය.එහෙත් දේශපාලන ව්‍යාපෘති දහරාවක් වන ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට හුරු කර සිටින නිලධාරි පොකුර සමඟ ගැල් සීයක් ඇදෙන අත වෙනස් කිරීම අපහසු තත්ත්වයක ආචාර්ය ෂෙමාල් ප්‍රනාන්දුගේ ගමන් දිසාවද වෙනස් වුවහොත් එය පෞද්ගලිකව ඔහු උපයාගෙන සිටින මිල කළ නොහැකි මනුස්ස වටිනාකම දෙදරීමකට ලක්විය හැකි තත්ත්වයකි.

කෙසේ නමුත් සියල්ල සංතෘප්ත විය හැකි මට්ටමක නැතත්,කලකට පසුව මූල්‍යමය වශයෙන් සිදී ගොස් තිබෙන ක්‍රීඩා අමාත්‍යංශය චාම් සහ ආඩම්බරකාරී ප්‍රවේශයක් සහිතව ජාතික ක්‍රීඩා උළෙලක් සංවිධානය කිරීම වැදගත්ය.එය දිනෙක රටේ ප්‍රභූ දේශපාලකයන්,සැබවින්ම රටට කීර්තිය ගෙනත් දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රධාන සහ විශේෂ ආරාධිතයන් වූ උළෙලක නරඹන්නන්,අගයන්නන් සහ දිරි දෙන්නන්ව සිටීමට පමණක් දැකිය හැකි මට්ටමේ මොඩලයකට වෙනස් විය හැකිනම් අපූරුය.

විවේචන සහිත ඇගයීමකින් යුත් ක්‍රීඩා උළෙලේ පළමු දිනයේ මලල ක්‍රීඩා ඉසව් දෙකක උළෙල වාර්තා දෙකක් අලුත් විය.කාන්තා කවපෙත්ත වීසි කිරීම ඉසව්වේ නව වාර්තාව පිහිටවනු ලැබුවේ විනෝදනී විශාන්තිකා ලක්මාලිය.උතුරු මැද පළාත නියෝජනය කළ ඇය මීටර් 44.59 ක දක්ෂතාවයක් දක්වමින් එම වාර්තාවේ හිමිකාරිය වූවාය.

කාන්තා රිටි පැනීමේ ඉසව්වේ නව උළෙල වාර්තාවට හිමිකම් කීවේ උතුරු පළාතේ නසරාසා දක්ෂිතාය.ඇය මීටර් 3.50 ක දක්ෂතාවයක් දැක් වූවාය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan