එංගලන්තේ ඕපාදූප කලාවේ රජු The Sun පුවත්පත ABBA හි ඇග්නේතා ගැන කියූ දේ මෙන්න!

Date:

ඉසුරු පරාක්‍රම

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 70 දශකයේ ගීත අමන්දානන්දය ස්වීඩන් ජාතික ABBA සංගීත කණ්ඩායමේ ගායිකා ඇග්නේතා ෆෙල්ට්ස්කොග් ‍(Agnetha Fältskog) ඉකුත් දින (අගෝස්තු 23) ඇගේ නිල වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍ය ජාලාවල තැබූ කුතුහලය දනවන සටහනක් නිසා ලොව පුරා ABBA රසිකයන් අතර දැඩි කතාබහක් ඇති වූ අන්දම පිළිබඳව මීට ඉහත ලිපියකින් අපි ඔබ වෙත තොරතුරු රැගෙන ආවෙමු.

“+” ලකුණ ද සමඟ “Where Do We Go From Here?” යනුවෙන් ඈ විසින් අන්තර්ජාලය තුළ ඉතිරි කර ගිය කෙටි හා අභිරහස් සටහන පිළිබඳ නානාවිධ මත පළ වූ අතර, ඈ යළි ගීතයක් එළිදැක්වීමට යන්නේ, හෝ ගීත එතතුවක් එළිදැක්වීමට යන්නේ ද යන්න පිළිබඳ විවිධ අදහස් ABBA රසිකයන් විසින් සමාජ මාධ්‍යය තුළ පිහිටුවා ගත් විවිධ සංසද තුළ හා ඉන් පිටත ඇති වූ අන්දම දක්නට ලැබිණි.

40 වසරක නිහැඬියාවකින් අනතුරුව 2021 වර්ෂයේ ABBA විසින් එළි දැක්වූ Voyage ගීත ඇල්බමයට සමඟාමීව 2022 වර්ෂයේ සංවිධානය කළ Voyage හොලොග්‍රෑම් ත්‍රිමාණ සජීවීකරණ ප්‍රසංගයේ මංගල දිනයට ඇග්නේතා සහභාගී වූ මොහොත | ඡායාරූප: Alamy

එක්සත් රාජධානියේ ප්‍රමුඛ පෙළේ ගොසිප් පුවත්පතක් වන ද සන් (The Sun) වාර්තා කරන අන්දමට, මෙම පුවත පිළිබඳ යාවත්කාලීනයක් දැන් ලැබී තිබේ.

2013 වර්ෂයේ “A” නමින් අවසාන වරට ඈ විසින් නිකුත් කළ ගීත ඇල්බමයෙන් හරියටම දශකයකට පසු, 60 – 70 දශකයේ පොප් සංගීත රාජ්‍යය ආක්‍රමණය කළ ද බීට්ල්ස් (The Beatles) පවා ගීත ශ්‍රේණිගත කිරීම්වලින් පහතට ඇද දැමූ “Jag var så kär” නම් ගීතය ඇතුළත් ඇගේ කුළුඳුල් ස්වයං-නාමික ඇල්බමය “Agnetha Fältskog” නිකුත් කිරීමෙන් වසර 55 කට පසු, 73 හැවිරිදි ඇග්නේතා ඇගේ සෝලෝ ගමන යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි ද සන් පුවත්පත වාර්තා කරන්නේ.

ඒ අනුව, ABBA සංගීතයේ කාන්තා හඬ සුසංයෝගයේ ඇසුවන් වසඟයට පත්කරන ඉහළ පරාසයේ හඬ හිමි ඇග්නේතා බීඑම්ජී රෙකෝඩ්ස් (BMG) සමඟ ගිවිසුම්ගත වී ඇති බව ද සන් පුවත්පත වාර්තා කරයි.

එමෙන්ම, ඇග්නේතා මෙම වර්ෂයේ අවසාන කාලසීමාව තුළ නව ගීත ඇල්බමයක් එළි දැක්වීමට සැලසුම් යොදා ඇති බව ද එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

සබැඳි පුවත්:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...