පොල්තෙල්, සීනි වංචාවට නොදෙවෙනි තවත් වංචාවක් ගැන විපක්ෂ නායකවරයාගෙන් පාර්ලිමේන්තුවට අනාවරණයක්

Date:

බඩඉරිඟු ආනයන බද්ද රුපියල් 75 සිට 25 දක්වා අඩු කිරිමට යන බවත් රජයට ඒ නිසා රුපියල් 50ක් අහිමි වන බවත් මේ සම්බන්ධ ගැසට් පත්‍රයේ ආනයනය කරන ප්‍රමාණයක් සඳහන් නොවන බවත් දළ වශයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්නුවොත් බිලියන 5ක අහිමි වන බවත් ලක්ෂ 2ක් ගෙන්නුව හොත් බිලියන 10ක් අහිමි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආහාර කමිටුවේ නිර්දේශය වූයේ රුපියල් 25කින් අඩු කිරීම වුවත් දැන් රුපියල් 50කින් අඩු කිරිමට සූදානම් බවත් මෙහි විශාල ජාවාරමක් යන බවත් ඒ සදහා හිටපු දිසාපතිවරයෙක් හා කන්ද උඩරට පර්යේෂණ ආයතනයක නිලධාරීවරයක් සම්බන්ධ බවත් එක්තරා සමාගමකින් ඉහළ සිට පහළටත් පහළ සිට කොමිස් කුට්ටියක් යන බවත් මේ සඳහා චෙක්පත් පවා නිකුත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

මෙම සිදුවීමද පොල්තෙල් සීනි වංචාව වැනි දෙයක් බවත් මේ සම්බන්ධයෙන් හෙට දිනයේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදු කළ යුතු බවත් මෙසේ නාස්ති කරන්නේ රටේ මිනිස්සුන්ගේ මුදල් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...