දුම්රිය සේවකයින් අද විශේෂ සාකච්ඡාවක

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියකදී දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයින් පිරිසක් පෙරේදා දිනයේ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණු අතර , ඒ සම්බන්ධයෙන් දුම්රිය විදුලි කාර්මික සේවකයින් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිතයි.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් , ගතවු දින දෙක තුළ සියලු දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවු අතර එහිදී මගීන් දැඩි දුෂ්කරතාවට පත්වු බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හමුවී සාකච්ඡා කිරීමට දුම්රිය විදුලි කාර්මික සේවකයින් තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...

හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය

පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...