*
Friday, October 4, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 08/27

  1. වත්මන් රජය සහ මහ බැංකුව මෙරට ආර්ථික කලමනාකරණය කිරීමේ කාර්යභාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත පවරා (outsourced) ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම මත “වර්ධනය” පිළිබඳ වැදගත්ම සාර්ව-මූලික දර්ශකය වත්මන් රජය විසින් අමු අමුවේ නොසලකා හැර ඇති බවට පෙන්වා දෙයි: හැකිලෙමින් පවතින ආර්ථිකයෙන් ජනතාව බරපතල ලෙස පීඩාවට පත්ව සිටින බව ද පෙන්වා දෙයි.
  2. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ තම බදු හා මූල්‍ය ප්‍රතිපත්තීන් පිළිබඳ තීරණ ගැනීමට ශ්‍රී ලංකාවට නිදහස හෝ ස්වෛරීභාවයක් නොතිබුණාක් මෙන්, වර්තමානයේ ද ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය යටතේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නතු වී ඇති බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි: උපයන විට ගෙවන (PAYE) බද්ද පිළිබඳව වෘත්තීයවේදීන් විසින් ප්‍රශ්න කළ විට, ඒ පිළිබඳව තමාට කිසිවක් කර ගැනීමට නොහැකි වූ අතර එම කාරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විසඳා ගත යුතු බව ජනාධිපතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා විසින් පිළිගත් බව සිහිපත් කරයි.
  3. යටත් විජිත සමයේ “එකතු කර ගන්නා ලද” භාණ්ඩ 3,000 ක් පමණ නෙදර්ලන්තයේ කෞතුකාගාර සුරක්ෂිතාගාරවල තිබිය හැකි බව නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබක් (Bonnie Horbach) පවසයි: සොරකම් කරන ලද කෞතුක වස්තු ඒවායේ මුල් හිමිකරුවන් වෙත ආපසු ලබා දීම සඳහා නෙදර්ලන්ත රජය විසින් මෑතකාලීනව හඳුන්වා දුන් ප්‍රතිපත්තියේ කොටසක් ලෙස, පැරණි යටත්විජිතවල පර්යේෂකයන්ට එම එකතු කළ භාණ්ඩ සඳහා ප්‍රවේශය ලබා දෙන බව පවසයි: 1505 සිට 1948 දක්වා වසර 443 ක යටත් විජිත පාලනය තුළ වටිනාකමින් යුතු භාණ්ඩ 13,000 කට අධික ප්‍රමාණයක් බටහිර යටත්විජිත බලවතුන් විසින් කොල්ලකෑම් සහ සොරකම් කර ඇති බවට ලේඛනගත වී තිබේ.
  4. ජංගම දුරකතන සහ අන්තර්ජාලයට අධික ලෙස ඇබ්බැහි වීම මත දරුවන් අතර මතකය ගිලිහී යාමේ (memory loss) අවදානමක් මතුව ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් පවසයි.
  5. කුකුළු මස් නිශ්පාදකයන්ගේ සංගමය විසින් කුකුළු මස්වල කිලෝවක මිල රු. 100 කින් අඩු කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි: බඩඉරිඟු කිලෝවක් සඳහා පනවා තිබූ රු. 75 ක ආනයන බද්ද රජය විසින් රු. 25 දක්වා අඩු කර ඇති අතර, කුකුළු මස් මිල අඩු කිරීමට හේතුව එය යැයි සැලකිය හැකි බව පවසයි.
  6. හිඟව පවතින ඖෂධ වර්ග 50 කට අධික ප්‍රමාණයක් එළඹෙන සති දෙක තුළ ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි: මේ වන විට, ඖෂධ සැපයුම් අංශය තුළ ඖෂධ වර්ග 230 ක හිඟයක් පවතියි.
  7. අයවැය යෝජනා සමාලෝචනය අගෝස්තු 28 වන දින සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි: රටේ ආර්ථිකය බංකොලොත්භාවයේ සිට ධනාත්මක තත්ත්වයකට ගෙන යාමට අවශ්‍ය පහසුකම් මීළඟ අයවැයෙන් සම්පාදනය කරනු ඇති බව පවසයි: 2022 අප්‍රේල් 12 වන දින රජයේ නිලධාරීන් කිහිප දෙනෙකු සහ මහ බැංකුව විසින් ණය පැහැර හැරීම නිවේදනය කළ බව ද සිහිපත් කළ යුතු ය.
  8. පීඩාවට පත්ව සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ යළි ශක්තිමත් කිරීමට ආසියානු සංවර්ධන බැංකුව කැපව සිටින බව එම බැංකුවේ දේශීය අධ්‍යක්ෂ ටකාෆුමි කඩානෝ (Takafumi Kadano) යළි පවසයි: ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව දරන කැපවීම පිළිබඳ ප්‍රශංසා කරයි: රජයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංකෝචන ආර්ථික ප්‍රතිපත්ති සහ ණය පැහැර හැරීම හමුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැඩි ලෙස අඩපණ වී ඇති අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් 60% කට වඩා දැනටමත් වසා දමා හෝ ආසන්න වශයෙන් වසා දැමීමේ තත්ත්වයකට මුහුණ දී ඇති බව විශ්ලේෂකයන්ගේ මතයයි.
  9. මැණික් හා ස්වර්ණාභරණ අපනයනය මගින් මේ දක්වා වාර්ෂිකව ඇ.ඩො. මිලියන 315 ක ආදායමක් වාර්තා කර ඇති අතර, ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා එම කර්මාන්තයේ ඇති වැදගත් කාර්යභාරය නැවත තහවුරු කරමින් 34% ක වර්ධනයක් වාර්තා කර ඇති බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසයි.
  10. 2023 අගෝස්තු මස පළමු දින 23 තුළ සංචාරකයන් 109,954 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එය 2022 අගෝස්තුවලට (අරගලයෙන් අනතුරුව වහා එළඹි කාලසීමාව) සාපේක්ෂව 191% ක ඉහළ යාමක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.   

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan