ලන්ඩනයේ තැබෑරුමක් කඩා වැටී 13 ක් තුවාල ලබයි

Date:

මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන්හි තැබෑරුමක සිදු වූ අනතුරකින් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් තිදෙනෙකුගේ තත්වය බරපතල බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ලන්ඩන් නගරයේ උඩුමහලක පවත්වාගෙන ගිය තැබෑරුමක පුද්ගලයන් පිරිසක් මදු පානයේ නිරතවෙමින් සිටියදී එම තට්ටුව කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත. ගිනි නිවන භටයන් පැමිණ සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් 07 දෙනෙකු බේරාගෙන තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයන් කිහිප දෙනෙකු රෝහල්ගත කර ඇති අතර සෙසු පිරිසට ප්‍රථමාධාර ලබා දී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...