උසස් පෙළ ගුරු හිඟය පියවන්න විශ්‍රාමික ගුරුවරු යළි කැඳවීමේ තීරණයක්!

Date:

කොළඹ LNW:උසස් පෙළ ගුරු පුරප්පාඩු සඳහා විශ්‍රාමික ගුරුවරුන් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ.

රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව ඇතුළු විෂයයන් කිහිපයක් සඳහා මෙම ගුරුවරුන් බඳවා ගැනීමට යොජනා කර තිබෙන අතර ඒ දෙවසරක කොන්ත්‍රාත් කාලයකටයි.

මෙම ඉල්ලීමට අදාළ මහාභාණ්ඩාගාර නිරීක්ෂණ මෙම සතියේ ලැබීමට නියමිත බව සඳහන්.

එමෙන්ම උපාධිධාරීන් පන්දහස් හාරසියය දෙනෙක් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිත අතර එම උපාධිධාරීන්ගෙන් එක්දහස් හත්සියයක් ජාතික පාසල්වලට බඳවා ගැනීමට නියමිතයි.

මේ අතර වතුකරයේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු වෙනුවෙන් ගුරු සහයකයින් දෙදහස් පන්සිය තිස්පස් දෙනෙක් බඳවා ගැනීමටද ප්‍රේමජයන්ත මහතා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති අතර ඔවුන් බඳවා ගැනෙන්නේ වසර තුනකින් පසු ස්ථිර කිරීමේ පදනම මතය

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...