උසස් පෙළ ගුරු හිඟය පියවන්න විශ්‍රාමික ගුරුවරු යළි කැඳවීමේ තීරණයක්!

Date:

කොළඹ LNW:උසස් පෙළ ගුරු පුරප්පාඩු සඳහා විශ්‍රාමික ගුරුවරුන් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ.

රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව ඇතුළු විෂයයන් කිහිපයක් සඳහා මෙම ගුරුවරුන් බඳවා ගැනීමට යොජනා කර තිබෙන අතර ඒ දෙවසරක කොන්ත්‍රාත් කාලයකටයි.

මෙම ඉල්ලීමට අදාළ මහාභාණ්ඩාගාර නිරීක්ෂණ මෙම සතියේ ලැබීමට නියමිත බව සඳහන්.

එමෙන්ම උපාධිධාරීන් පන්දහස් හාරසියය දෙනෙක් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිත අතර එම උපාධිධාරීන්ගෙන් එක්දහස් හත්සියයක් ජාතික පාසල්වලට බඳවා ගැනීමට නියමිතයි.

මේ අතර වතුකරයේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු වෙනුවෙන් ගුරු සහයකයින් දෙදහස් පන්සිය තිස්පස් දෙනෙක් බඳවා ගැනීමටද ප්‍රේමජයන්ත මහතා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති අතර ඔවුන් බඳවා ගැනෙන්නේ වසර තුනකින් පසු ස්ථිර කිරීමේ පදනම මතය

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...