පොහොට්ටු මන්ත්‍රී මිලාන්ට එරෙහි අල්ලස් නඩුව විභාගයට දින නියම වෙයි !

කළුගල් කැඩීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 6ක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකට සහ දොම්පේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව නොවැම්බර් 11 වනදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ ඊයේ (28) කැඳවූ අවස්ථාවේදී ය.

2012 වසරේදී විත්තිකාර මිලාන් ජයතිලක දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටියදී ගල් කොරියක් පවත්වාගෙන යාමට අවශ්‍ය බලපත්‍රය නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 7ක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 6ක් ලබාගැනීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 8ක් යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර ඇත.

මිලාන් ජයතිලකට අමතරව මෙම නඩුවේ අනෙක් විත්තිකරුවා වන්නේ දොම්පේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අජිත් සිසිර කුමාර නමැත්තා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...