අමාත්‍යාංශ ලේකම්වරයෙක් ඉල්ලා අස්වෙයි

Date:

තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය නිරංජන් ගුණවර්ධන මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

නිරංජන් ගුණවර්ධන මහතා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් තනතුරට අමතරව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන අතර ඒ මහතාව මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ද පත්කර තිබේ.

ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගුණවර්ධන මහතා අමාත්‍යාංශ ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීමට හේතුවී ඇත්තේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ටෙන්ඩරය අසාධු ලේඛනගත සමාගමකට ලබාදෙන ලෙස ඉහළින් පැමිණි බලපෑමක් නිසා බවකි.

එහෙත් සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන්ව මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් පත්කර ඇති නිසා තමන් අමාත්‍යාංශ ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...