අවසන් රන්දෝලි පෙරහැර අද!

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් රන්දෝලි පෙරහැර අද (30) රාත්‍රී වීදි සංචාරයට එක්වේ.

රාත්‍රී හත පසුවී මිනිත්තු තුනට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහා දේවාල පෙරහැර සමඟින් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතය.

ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත්වන පෙරහැර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජ වීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීමට සිදුවේ.

පසුදින (31) අලුයම ශ්‍රී දළදා මාලිගා පෙරහැර සිව් මහ දේවලා පෙරහැර සමඟන් පිටත්ව දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, ඔස්සේ ගමන් කොට ගෙඩිගේ රජමහා විහාරස්ථානයට ගොස් එහිදී දළදා කරඩුව තැම්පත් කිරීම සිදුවේ. පසුව සිව් මහා දේවල සිය දේවාල කරා ගොස් පුදපූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ දිය කපනා ගං තොටට පැමිණ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කරති.

සිව් වන රන්දෝලි පෙරහැර ඊයේ (29) වීදි සංචාරය කළ අතර එහිදී සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ රුහුණු කතරගම මහ දේවාලයේ වාසනා ඇතු විසිනි. එහිදී දෑලේ ගමන් ගත්තේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියේ සිංහරාජා ඇතු සහ කැලණි රජ මහ විහාරයේ කණ්ඩුල හස්තියාය.

දීර්ඝ කාලයක් තිස්සේ මහනුවරට පැවැති වියළි කාලගුණික තත්ත්වය නිමා කරමින් මෙදින මහ වැසි ඇද හැලුණු අතර වැසි නොතකා සැදැහැවතුන් පෙරහැර නැරඹීමට එක්ව සිටියෝය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...