ඉඩලියා හේතුවෙන් ෆ්ලොරීඩාවේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

Date:

දරුණු සුළං, ධාරානිපාත වර්ෂාව, ගංවතුර හා මුහුදු ජලය ඉහල යාම සමඟ ඉඩලියා සුළි කුණාටුව 4වන ඛණ්ඩයේ භයානක සුළි කුණාටුවක් ලෙස ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඇතුළුවනු ඇති බවට ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය (NHC) ප්‍රක්ෂේපනය කර තිබේ.

ඒ අනුව 2017 දී ඉර්මා, 2018 දී මයිකල් සහ පසුගිය සැප්තැම්බරයේ 5 වැනි කාණ්ඩයේ උච්චතම ස්ථානයට පත් වූ ඉයන් පසුපසින් පසුගිය වසර හත තුළ ෆ්ලොරිඩාවට පහර දුන් සිව්වන ප්‍රධාන සුළි කුණාටුව බවට ඉඩලියා පත්විය හැකිය.

මේ වන විට ෆ්ලොරිඩාවේ ප්‍රාන්ත 67 න් අවම වශයෙන් 28ක පමණ අනිවාර්ය ඉවත්කිරීමේ නියෝගයන් නිකුත් කර ඇති අතර යාබද ජෝර්ජියා සහ දකුණු කැරොලිනා ප්‍රාන්ත ද රාජ්‍ය හදිසි අනතුරු ඇඟවීම් නිවේදන යටතේ පවතියි.

ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස්, අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්හි පදිංචිකරුවන්ගෙන් උස් බිම් කරා යාමට නියෝගවලට අවනත වන ලෙස ඉල්ලා සිටින අතර ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, මේ වන විට ෆ්ලොරීඩාවේ පාසල් 40ක් වසා දම ඇති බවත්, ඉන්ධන සැපයුමට ඇති ඕනෑම බාධාවක් විසඳීම සඳහා රජය පෙට්‍රල් ගැලුම් මිලියන 1.1ක් වෙන් කර ඇති බවත්, ජාතික ආරක්ෂක භටයින් 5,500 ක් පමණ බලමුලු ගන්වමින් විදුලි සේවකයින් 30,000 සිට 40,000 දක්වා පිරිසක් සූදානම්ව තබා ඇති බවත්ය.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...