සුරේෂ් සලේගෙන් රොහාන් සිල්වා පියතුමාට එන්තරවාසියක්

Date:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමාජීය හා සාමයික කේන්ද්‍රයේ (CSR) විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමන් පසුගියදා කරන ලද ප්‍රකාශයකින් තමන්ට අපහාසයක් සිදුවූ බව පවසමින් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් ඒ පියතුමන්ට එන්තරවාසියක් යොමුකර තිබේ.

සුරේෂ් සලේ මහතා සිය එන්තරවාසියෙන් සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රොහාන් සිල්වා පියතුමන් තමන්ට එල්ල කළ චෝදනා පදනම් විරහිත මෙන්ම තැතිගන්වනසුළු බවත් තමන් එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ය.

අදාළ බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් සහරාන් නම් පුද්ගලයා තමන් මුණගැසී ඇති බවට සහ මොහොමඩ් සහරාන්ට හෝ ඔහුගේ අනුගාමිකයකුට හෝ සංවිධානයකට හෝ මූල්‍ය ආධාර හෝ සහාය දුන් බවට කියැවෙන සියලු ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව සිය එන්තරවාසියෙන් පවසා ඇති සුරේෂ් සලේ මහතා, රොහාන් සිල්වා පියතුමන් සඳහන් කරන කාලසීමාවෙහි තමන් සිටියේ විදේශගතව වෙනත් රැකියාවක නිරත වෙමින් බව ද ප්‍රකාශ කර ඇත.

ඒ අනුව තමන්ට සිදුවූ අපහාසයට රුපියල් කෝටි 05ක වන්දියක් ගෙවන ලෙස සලේ මහතා සිය එන්තරවාසියෙන් රොහාන් සිල්වා පියතුමන්ට දැනුම් දී ඇති අතර එම වන්දිය නොගෙවන්නේ නම් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් දැනුම් දී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදියෙකු විසින් CID වෙත ආන්දෝලනාත්මක පැමිණිල්ලක්!

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ...

තවත් ප්‍රමාද නොවී විගණකාධිපතිවරයෙක් පත් කරන්න – මුදල් කාරක සභාවේ සභාපති ජනපතිගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ තවදුරටත් ප්‍රමාදයකින් තොරව විගණකාධිපතිවරයෙක් පත්කරන ලෙස මුදල් කාරක...

දිට්වා ආපදාවෙන් මහනුවර පුද්ගලයන් එක්ලක්ෂ අසූහය දහසකට පීඩා!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

Zootopia 2 හි ගැරීගේ ආගමනය සමඟින් නිල් පාට උරගයින්ට චීනයෙන් බේරිල්ලක් නෑලු!

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW):  මෑතකදී කරළියට ආ...