සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ලබන සතිය තුළදී, ආයතන කිහිපයක් කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අනිද්දා (05) දිනයේ වරාය අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බවත් , මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් ලබන 06 වනදා කෝප් කමිටුව හමුවට කැඳවීමටත් නියමිත බවයි .
තවද, ලබන 08 වන දින කළුබෝවිටියාව තේ කර්මාන්ත ශාලාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවද වාර්තා වෙයි.
මේ අතර, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලබන සතියේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත කැඳවීමට නියමිත ව ඇති අතර, සැප්තැම්බර් මස 06 වන දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්වෙන අතර, එදිනට ඔවුන් කැඳවා ඇති බවද සඳහන්.
මේ අතර, සැප්තැම්බර් මාසය සඳහා පාර්ලිමේන්තුව අනිද්දා දිනයේ රැස්වීමට නියමිත අතර, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සැප්තැම්බර් 06, 07 සහ 08 යන තෙදින තුළ පැවැත්වීමට නියමිත අතර සැප්තැම්බර් මස 08 වන දින පස්වරු 05.30ට පමණ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති බවද සඳහන් .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??