රට පුරා ඔමික්‍රෝන් පැතිරිලා ඉවරයි, එන්නත් ගන්නෙ නැතුව මාස්ක් දාගෙන හිටියට වැඩක් නෑ – සෞඛ්‍ය බළධාරීන්

කොවිඩ් එන්නත් මාත්‍රා කිසිවක් ලබා නොගෙන මුව ආවරණ පැළඳ නිවෙස් තුළටම වී සිටිමින් කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම විහිළුවක් පමණක් බව කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඇන්තනි මෙන්ඩිස් මහතා පවසනවා. අද (14) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ වනවිට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව පුරා පැතිර ගොස් ඇති බැවින් එන්නත්කරණයට ලක්වීම අත්‍යවශ්‍ය බවද ඇන්තනි මෙන්ඩිස් මහතා අවධාරණය කරනවා.

මෙතරම් දැනුවත් කර තිබියදී පවා කිසිදු එන්නතක් ලබා නොගත් සැළකිය යුතු පිරිසක් කොවිඩ් ආසාදිතව දැඩි සත්කාර ඒකක වෙත ඇතුළත් වන බව පෙන්වා දෙන වෛද්‍යවරයා පවසන්නේ එන්නත් මාත්‍රා එකක් හෝ දෙකක් ගත් පුද්ගලයන් නැවත සුවය ලබා රෝහල්වලින් පිටව යන බවයි.

මීට පෙර පැතිර ගිය කොවිඩ් ප්‍රභේදවලින් ආරක්ෂා වීමට මුව ආවරණ පිහිට වුවද ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ මුව ආවරණවලින් එතරම් ආරක්ෂාවක් නොලැබෙන බවත්, එමනිසා හැකි ඉක්මනින් පූර්ණ එන්නත්කරණයට ලක්වන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවත් ඇන්තනි මෙන්ඩිස් මහතා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌව පරණගම ඩවුන්සයිඩ් වතු රෝහල නවීකරණයට පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : • ‘Clean Sri...

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

ඥානසාර හිමියන්ගේ සිවුර දැරීමේ අයිතිය ගැන කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට දැනුම් දීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සිරදඬුවමට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්...

අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස ඉන්ධන සමාගම්වලට නියෝග…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : සියලුම ඉන්ධන...