අජිත් රෝහණගේ පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කෙරේ

තමන්ට ස්ථාන මාරුවක් ලබාදීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ, එම පෙත්සම එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ (04) කැඳවූ අවස්ථාවේදී ය.

දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ තමන්ව නැගෙනහිර පළාතට මාරුකර යැවීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණයට එරෙහිව අජිත් රෝහණ මහතා මෙම පෙත්සම ගොනුකර තිබුණු අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා, ජාතික පොලිස් කොමිසම, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් වශයෙන් නම් කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...

සුඩාන හමුදාවෙන් ඩ්‍රෝන යානා ප්‍රහාරයක්: 300කට අධික සංඛ්‍යාවක් මිය යයි.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : සුඩානයේ හමුදාවට ඩ්‍රෝන...

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...