අපි හදලා දුන්න දේ ඇයි විනාශ කරන්නේ – චම්පික

Date:

කොළඹ LNW:අවුරුදු 3ක් තිස්සේ, කොළඹ මහා නගර සභාව සහ ආණ්ඩුවේ ආයතන කොළඹ නගරයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු කර නොමැති බවත්, අනවසර ඉදිකිරීම් සිදු කිරීමට ඉඩ දී තමන් ගොඩනගා දුන් දේ විනාශ කර දමා ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

“පසුගිය දිනවල ඇද වැටුනු අනෝරා වැසි නිසා කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල පිටාර තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. මේක ගංවතුර තත්ත්වයක් නෙවෙයි. පිටාර තත්ත්වයක්. මේ තත්ත්වයට බොහෝ විට වගකියන්න ඕන කරුණු දෙකක් තියෙනවා. එකක් කොළඹ නගර සභාව මේ අදාළ ඇල මාර්ග සහ කාණු පද්ධති නඩත්තු නොකිරීමේ ගැටළුව. ඒ වගේම කාලාන්තරයක් තිස්සේ, ඇල මාර්ග අවහිර කරමින් ඉදිකිරීම් සිදු කිරීම නිසා ඇතිවෙලා තිබෙන බාධකය. අපි හඳුනා ගත්තා කොළඹ නගරයේ තීරක ස්ථාන පහළවක් පමණ තවත් ස්ථාන ගණනාවක් තියෙනවා. නමුත් මූලික ස්ථාන පහළවක පමණ මෙවැනි පිටාර තත්ත්වයන් ඇතිවෙන්න ඉඩකඩ තිබෙනවා කියලා කැළණි ගඟ පිටාර ගැලීමේ තත්වයත් එක්ක. එයට පිළියමක් හැටියට අපි උමං පද්ධතියක් ඇති කළා. ඒ වගේම පොම්පාගාර ඇති කළා. ඒ වගේම ස්ථාන හයක පමණ මේ ප්‍රශ්නය ඇති නොවෙන ආකාරයට කටයුතු කළා. තවත් ස්ථාන නමයක් පමණ තිබෙනවා කටයුතු කරන්න. විශේෂයෙන්ම ආමර් වීදිය ඒ අදාළ ඒ කටයුතු කෙරුනේ නෑ. ඒ වගේම කිරුළපන ඇතැම් ප්‍රදේශවල මේ කටයුතු කෙරුන්නෑ. ඉතින් ඇත්තටම අවුරුදු තුනක් ගෙවිලා ගිහින් තියෙනවා. අපේ ව්‍යාපෘතියෙන් පස්සේ එක ව්‍යාපෘතියක්වත්, එක අඟලක්වත් ඉදිරියට යන්න කොළඹ නගර සභාවට සහ අදාළ ආයතන වලට විශේෂයෙන්ම ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ඇතුළු ආණ්ඩුවේ ප්‍රධාන ආයතන වලටත් සිදු කරන්න බැරිවෙලා තිබෙනවා. ඉතාම කණගාටුදායක තත්වයක්.

ඉතින් ලංකාව ඉස්සරහට බරපතල ආකාරයේ මේ කාලගුණ දේශගුණ විපර්යාස වලට ලක් වෙන්න නියමිතයි. නියං තත්ත්වයන් ඇති වෙනවා. ඒ වගේම ගංවතුර තත්වයන් ඇති වෙනවා. මේ දෙකටම ලංකාව මුහුණ දෙන්න නියමිතයි. ඒක තමයි ලෝකයේ අලුත්ම තත්වය. සාම්ප්‍රදායික වැසි ඇති නොවීම හා අසම්මත වැසි ඇතිවීමත් ඒ වගේම සාම්ප්‍රදායික විදිහට තියෙන ජල හිඟය වෙනුවට අසම්මත ආකාරයේ දැඩි නියඟයන් ඇති වීමත් ලංකාව බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් දැනටමත් ලංකාවේ ඇතැම් ප්‍රදේශවල නියං තත්වයකුත් ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්වයකුත් ඇති තියෙනවා. මේ තත්වයට මුහුණ දීම සඳහා විධිමත් සැලසුමක් අපි ඉදිරිපත් කළා. 2010 දී හරිත ලංකා නමින්. නමුත් ඒවා හමස් පෙට්ටියට දාලා, එදිනෙදා දෛනික කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ තත්වය ඇති වෙලා තියෙන්නේ.”

ඒ නිසා වහාම මේ පිළිබඳව විධිමත් ආයෝජනයක් සහිතව ක්‍රියාත්මක කළ යුතු වන අතර ක්ෂණිකවම ගත්තොත් මේ ඇළ මාර්ග පද්ධතිය අවහිර කරන, ඉදිකිරීම් ඉවත් කර මේ ඇළ මාර්ග පිළිසකර කිරීමට, කාණු පද්ධති පිළිසකර කිරීමට, නගර සභාව ක්‍රියා කළ යුතු බවයි රණවක මහතා සඳහන් කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...