අක්ෂි කාච ගිඟ නෑ ඒක කටකතාවක් – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රට පුරා අක්ෂි ඒකක ගණනාවක අක්ෂි කාච හිඟයක් පවතින බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටී.

අදාළ රෝහල්වල අක්ෂි ශල්‍ය කර්ම සාමාන්‍ය පරිදි සිදුවන බව ඒ මහතාවැඩිදුරටත් කියා සිටී.

“මේ වනවිටත් වෛද්‍ය සැපයුම් අංශයේ අක්ෂි කාච විවිධ වූ strength වලින් තියෙනවා. අපි සැත්කම් කරන්නේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් ඉන්න රෝහල්වල. විශේෂයෙන් ජාතික අක්ෂි රෝහලේ, ශික්ෂණ රෝහල්වලත් අනෙකුත් අක්ෂි ශල්‍ය වෛද්‍යවරු ඉන්න රෝහල්වලත් අපි හොයලා බැලුවා අක්ෂි ශල්‍යකර්ම සාමාන්‍ය විදියට සිදුවෙනවා. ශල්‍යකර්ම කල්දාලා නෑ.”

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා සඳහන් කළේ, මේ අතර පවතින අක්ෂි කාච තොග අනුවත් ඉදිරියට ඇණවුම් කර ඇති තොග අනුවත් කිසිසේත් අක්ෂි කාච හිඟයක් ඇති නොවන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...