සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): අද (5) පාර්ලිමේන්තුවේදී සරසවි ආචාර්යවරුන්ගේ බදු ප්‍රශ්නය විසඳීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අදහස් දැක්වීය.
එහිදී සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද සඳහන් කළේය.
” අධ්‍යයන දීමනා පරීක්ෂණ දීමනා සියල්ල එකතු වුණාම වෘත්තිකයන් සියලු දෙනාද බදු අය කිරීමේ සියයට 36 කොටසට ඇතුළු වුණා. මේ බදු අය කෙරුණේ ඒ අනුවයි. ඒ කොටසට මැති ඇමති අපිත් ඇතුළු වුණා.
සරසවි ඇදුරන්ගේ සමහර ප්‍රශ්න අපි විසඳා ගත්තා. නීතිපති දෙපාර්තමේන්තුවේ මතය ආදායම් බදු දෙපාර්තමේන්තුවට දැන් යවලා තියෙනවා. මගෙන් කරන්න ඕන කටයුතු කළා . ආචාර්ය වරුන්ගේ සංගමය ඒක දන්නවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඊට පස්සේ මුදල් අමාත්‍යංශයට අදාළ වාර්තා යවලා ඒ නිර්දේශය ගන්න ඕන”
ලෙස අමාත්‍යවරයා පැහැදිලි කළේය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??