චෝදනා ලද අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් අනිවාර්ය නිවාඩු යවයි

Date:

ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය තිලාන් මිරැන්ඩෝ මහතාව අනිවාර්ය නිවාඩු යවා තිබේ.

එම කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කළේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එල්ල වී ඇති චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මූලික විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස නිර්දේශ කර ඇති බවත් එවන් විධිමත් විමර්ශනයක් සිදුකිරීමේදී ඔහු සේවයෙහි සිටීම විමර්ශනයට බාධාවක් බැවින් ඔහුව අනිවාර්ය නිවාඩු යවන ලද බවයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රවාහන අමාත්‍යාංශයට යොමුකර ඇති බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...