දේශීය ආදායම් පනත් කෙටුම්පතේ ඡන්ද විමසීම අද. වෘත්තීය සමිති උදෑසන පටන් විරෝධතාවයේ

දේශීය ආදායම් පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත පිළිබඳ විවාදය දෙවැනි දිනටත් අද (07) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

එහි ඡන්ද විමසීම අද පස්වරු 7.00 ට සිදුකිරීමට නියමිත අතර ඉන් අනතුරුව පනත් කෙටුම්පත් ද්විත්වයේ කාරක සභා අවස්ථාව සහ තුන්වනවර කියවීම ප.ව 7.30 දක්වා පැවැත්වීමට නියමිතය.

දේශීය ආදායම් පනත් කෙටුම්පත මගින් සේවක අර්ථ සාධක අරමුදලේ ආදායම මත අය කෙරෙන බදු ප්‍රතිශතය ඉහළ නැංවීමට එරෙහිව අද උදෑසන සිටම වෘත්තීය සමිති, කටුනායක නිදහස් වෙළඳ කලාපය අසල උද්ඝෝෂණ සහ විරෝධතා ආරම්භ කර ඇත.

අද පස්වරු 03.00 ට පාර්ලිමේන්තු වටරවුම අසලදී ද විරෝධතාවක් පැවැත්වීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...